(නිමන්ති රණසිංහ)
පේරාදෙණිය විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩය විසින් මහජන පීඩා ඇතිවන ආකාරයෙන් අද (15) කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ප්‍රතික්ෂේප කළේය.
අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 වගන්ති ප්‍රකාරව මහජන පීඩා වැළැක්වීම සඳහා අධිකරනයෙන් නියෝග ඉල්ලා නොපැමිණෙන ලෙසත්, පොලිස් ආඥා පනත ප්‍රකාරව කටයුතු කරන ලෙසත් සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
සාමකාමී විරෝධතා ව්‍යාපාර වැළැක්වීම සඳහා අධිකරණය නියෝග නිකුත් නොකරන අතර , මහජනතාවට පීඩාවක් ඇති වන ආකාරයෙන් උද්ඝෝෂණකරුවන් හැසිරුණහොත් පොලිස් බලතල පාවිච්චි කර කර ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා කුරුඳුවත්ත පොලිසියට දැනුම් දුන්නේය.
පේරදෙනිය විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු දඹරැල්ලේ අත්තදස්සි හිමියන් සහ විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සිට විරෝධතා පා ගමනක් සංවිධානය කර ඇති බවට බුද්ධි තොරතුරු වලින් අනාවරණය වී ඇති අතර එසේ වුවහොත් මහජනතාවට ඉන් පීඩාවක් ඇති වී මහා මාර්ග වන මාර්ගවල ගමනාගමනය අඩාල විය හැකි යැයි කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.
ඒ හේතුවෙන් කොළඹ කුරුඳුවත්ත, සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මාවත, මල් පාර, නෙළුම් පොකුණ වටරවුම ඇතුළු මාර්ග කිහිපයකට ඇතුල්වීම වළක්වාලමින් ආඥාවක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට උද්ගෝශන වලින් තමයි මහ ජනයාට පීා වෙන්නෙ.. පාලකයන්ගෙ හොරකම් සහ බලලෝභීභීවැඩ නිසා කරන සියලු අකටයුතුකම් වලින් ජනතාව සුඛ්ත මුදිත වෙලා ඉන්නෙ කියලද පොලිසිය කියන්න හදන්නෙ? බම්බුව තමයි..
පොලිසිය එලියට බහින්නේ බැටන් පොල්ල පොලිසියේ තියා. ඇමරිකන් ට්‍රැෆික් පොලිසිය පවා වාහනයකට කිට්ටු කරන්නේ හොල්ස්ටර් එකේ ක්ලිප් එකත් පන්නලා. පොලිසිය ආණඩුව බේරන්න ගිහිල්ල ගුටිකාලා එනවා. ඒ උනාට හෙල්මට් නැති සිංහල මිනිහෙක් අල්ල ගත්තාම ඒ අහිංසකයාට දෙපාර්තමේන්තුවේම බලය පෙන්වනවා. ලැජ්ජයි