
(නිමල කොඩිතුවක්කු)
එළඹෙන උත්සව සමයේදී හාල්, පරිප්පු, සීනි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල තවදුරටත් ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
අමෙරිකානු ඩොලරයේ අගය පාවෙමින් තීරණය වන බැවින් මෙලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉහළ යනු ඇති බවත් සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පැවසීය.
අමෙරිකානු ඩොලරයේ අගය පාවෙමින් ඇති අවස්ථාවක ආනයනික භාණ්ඩ වල මිල තීරණය වන්නේ කෙසේද යන්න පිළිබඳ තවමත් නිශ්චිත තීරණයකට එළඹීමට නොහැකි බවත් ලබන සතිය පමණ වන විට මේ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරන බවත් හෙතෙම කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන අපි එතරම් කලබල විය යුතු නැහැ. ලෝකයේ පුන්නක්කු අඩුමිලට අපනයනය කරන රටක් හොයා ගැනීමයි කළ යුත්තේ. එතකොට සිංහල අවුරුදු සමයට කිරිබත් වෙනුවට " කිරි පුන්නක්කුවක්" සාදා ගැනීමට අපට හැකි වෙනවා. ඔය පාන් පිටිවලින් වගේ නෙවෙයි, පුන්නක්කු වලින් හදන කැවුම් වුණත් ගොඩක් රස වෙන්න පුළුවන්. මොනවා වුණත් දැන් අපට ජීවත් වෙන්න රටක් තියනවානේ? දියසෙන් කුමාරයත් ඉන්නවා. අර කැළණි නයා ගෙනාපු නාග මාණික්ඛයේ ආශිර්වාදයත් ලැබෙනවා. ඉතින් තව මොනවද අඩු?
හරියට හරි... ලංකාවට හරියන කෑම...
වෙන කවදාවත් නොතිබුණු තරම් සරුවට අවුරුදු කන්න පුළුවනි.
මේවා බොරු කතා.., අවුරුදු කාලය වෙද්දී බඩුමිල පහත වැටෙනවා, බැසිල් මහත්තයා කොහොම හරි බඩුමිල අඩු කරනවා...