(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු )
එළඹෙන උත්සව සමයේදී බිත්තර වල කිසිදු හිගයක් ඇති නොවන බවත් ඒ අනුව පාරිභෝගිකයන් හට අවශ්‍ය තරම් බිත්තර මිලදී ගැනීමේ හැකියාව තිබෙන බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම් . සරත් අත්තනායක මහතා පවසයි .
රජය මගින් පනවා තිබෙන පාලන මිලටත් අඩුවෙන් උත්සව සමයේදී පාරිභෝගිකයන් හට බිත්තර මිලදී ගැනීමට හැකි වන බවත් කිසිදු අයුරකින් රු.50 ට වැඩියෙන් බිත්තර මිලදී නොගන්නා ලෙසත් සරත් අත්තනායක මහතා කියා සිටී .
විශේෂයෙන් එළඹෙන උත්සව සමය සඳහා නිෂ්පාදනය කරන කේක් යනාදී සඳහා බේකරි වලින් බිත්තර වලට විශාල ඉල්ලුමක් තිබෙන බව පවසන ඔහු එහෙත් එළඹෙන සතියෙන් පසු හිඟයකින් තොරව බිත්තර මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන් හට උදාවන බවත් කියා සිටියේය .
මේ වන විට රට පුරා සියලු කුකුළු ගොවිපළවල බිත්තර නිෂ්පාදනය සාර්ථකව සිදු වෙමින් පවතින බවත් තව
මාස දෙක තුනකින් පමණ රජයේ පාලන මිලට වඩා අඩුවෙන් පාරිභෝගිකයන් සදහා බිත්තර අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා කියා සිටියේය .
එසේම මේ වන විට බිත්තර හිගයක් ඇති බව මවාපාමින් බිත්තර මිල ඉහළ දැමීමට බිත්තර නිෂ්පාදකයින් යැයි කියා ගන්නා ඇතැම් පිරිස් උත්සාහ දරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පවසන සරත් අත්තනායක මහතා එසේ බිත්තර මිල ඉහළ දැමීමට කටයුතු කරන්නේ තම නිවසේ කුකුලෙක් වත් නොමැති පුද්ගලයන් බව ද වැඩිදුරටත් පැවසීය .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
උත්සව සමයේ බිත්තර හිඟයක් නෑ
LGPJ Wednesday, 07 December 2022 06:33 AM
No lac of eggs but prices had gone up.!!!!!!!