
(කුෂාන් ජයවර්ධන)
වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන උතුරු මැද මහ ඇළ උමං ව්‍යාපෘතියට අයත් රථවාහනවලින් කලක් තිස්සේ ඉන්ධන සොරකම් කර අලෙවි කිරීමේ මහ පරිමාණ ජාවාරමක් මෙහෙයවූ පුද්ගලයකු සොරාගන්නා ලද ඩීසල් තොගයක් ද සමග අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් අද (16) සවස සමත්වූහ.
ලද තොරතුරකට අනුව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අද(16) පස්වරුවේ එම වැටලෑම සිදු කෙරිණ.
පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අනදෙන නිලධාරී එම් එම් කේ පීරිස් මහතාගේ මෙහෙයවීමෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් අදාළ වැටලීමට එක්ව තිබිණ .
අත්අඩංගුවට ගැනුණ ඉන්ධන තොගය හා සැකකරු ඉදිරි නීතිමය පියවරයන් සඳහා මොරගොඩ පොලිස් ස්ථානය වෙත භාරදීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබීය.
අත්අඩංගුවට පත් සැකකරු හෙට(17) කැකිරාව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලක් තිස්සේ ඉන්ධන හොරකම් කරලා . දීර්ඝ කාලයක් තිස්සේ වුණ දේවල් දැන් දැන් අහුවෙන්න පටන් අරං. ඒකෙන් කියවෙන්නේ නැද්ද මේ අයව ආරක්ෂා කරගත්ත අයට ඒ කාලේ බලයක් තිබුණා කියලා ..
ගෝනවල පැත්තෙත් දේශපාලන සුරතලෙක් හිටිය මේ ඉන්ධන හොරකම් කරපු. ඒ ගැන මාධ්‍ය හමුවකදී ඇහුවම ඒකාලෙ ඒ ආසනේ භාර ආණ්ඩු පක්ෂෙ තරුණ ඇමති කෙනෙකුට මල පැන්පාන්න. පස්සේ සමහරු රගපාන්න ගත්තා ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදෙවියෝ වගේ.
මහවැලිය කරන කාලේ කොත්මලෙන් ලාබෙට ඩීසල් තිබුණා. මහජන දේපළ හොරා කෑම අපාගත නොවන, නීතිය විසින් කාරුණිකව බලන අපේ ජාතික ලක්ෂණයක්. ලක්මව හොරා කන්නේ දියවන්නාවේ රැල විතරක් නෙවෙයි.
බකල ජයා, වහෙන් ඔරෝ මොකටද ගෝනවල සුනිල්, රනිල් ජේ පී කමක් දුන්නා. එයා ස්ත්‍රී දූෂණයකට ඇතුලේ හිටියා. එහෙමයි රට කලේ...!
සියලුම දේශපාලනඥයන්ගෙන්, රාජ්‍ය නිලධාරීන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබා ගන්න කිසිඳු ආකාරයකින් මහජන දේපළ වංචා කිරීම්, අල්ලස් ගැනීම් සිදු නොකළ බවට. එසේ කළ නොහැකි අයට ඒ සඳහා නිහඬ වීමේ නිදහස නීතියෙන් ලබා දිය හැකි නිසා, ඒ අය ගැන ඉතා පුළුල්ව විමර්ශන කරන්න. යම් ආකාරයකින් වැරැද්දක් හසු වුවහොත් දැඩි දඩුවම් පමුණුවන්න. දිවුරුම් ලබා දෙන්නන්ට නීතියට කලින් ස්වභාව ධර්මයේ නීතිය යටතේ දඬුවම් ලැබේවි...
මේවා නම් දන්න කාලේ ඉඳන් වෙනවා. කොච්චර ඇල්ලුවත් ඔවුන් දන්නවා නීතියේ හිඩැස්වලින් රිංගන්න. එක වැරදිකාරයෙක් අල්ලනකොට නීතිය දන්න රොත්තකට කටට කෙල උනනවා. ඒකනෙ අපේ රටේ සැබෑ තත්ත්වය. ඉතින් වැරදිකාරයෝ නිදොස්කොට නිදහස් වෙලා ඇවිත් නැවත ඒ වැරැද්දම වඩා දියුණු විදිහට කරනවා.