IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


උතුරුමැද ආයුර්වේද කොමසාරිස්ට ඇසිඩ් ගැසූ දෙදෙනා සිරගෙට

(උපාලි ආනන්ද)

උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මහතාට ඒ මහතාගේ නිවසේදිම ඇසිඩි ප‍්‍රහාරයක් එල්ල කර පූර්ණ අන්ධ භාවයට පත් කර අල්විස් මහතා මරා දැමීමට තැත් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු හමුදා සෙබළකුට සහ මාලූ වෙළෙන්දෙකුට අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා වසර 30 බැගින් වසර බරපතල වැඩ සහිත සිර දඩුවම් අද නියම කළේය.

රුපියල් ලක්ෂය බැගින් දඩ සහ වින්දිත උතුරුමැද පළාත් හිටපු ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහාතාට රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ගෙවීමටද විත්තකිරුවන්ට නියම කළ විනිසුරුවරයා එම දඩ සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් අමතර වසර 05 බැගින් ඔවුන්ට සිරදඬුවම්ද නියම කළේය.

විත්තිකරුවන් සමඟම චෝදනා ලැබ සිටි නඩුවේ පළමු විත්තිකරු වන මින්නේරිය හබරන පාර මෙත්සුව ලිපිනයේ පදිංචි ආයුර්වේද වෛද්‍යවරයකු වු සුසිරි කුමාර වික‍්‍රමසිංහ නැමත්තාට එරෙහි චෝදනා පැමිණිල්ලෙන් ඔප්පු කර නැති බව තීරණය කරමින් චෝදනාවලින් ඔහු නිදොස් කෙට නිිදහස් කළ විනිසුරුවරයා නඩුවේ ඉතිරි විත්තිකරුවන් දෙදෙනාට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් ඔවුන්ට දඬුවම් නියම කළ අතර වසර 30ක සිරදඬුවම වසර 15ක කාලයකින් ගෙවී යන අන්දමට ක‍්‍රියාත්මක කිරීමටද නියම කළේය.

චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ මින්නේරිය මදරජඇල පදිංචි හිටපු යුද හමුදා සෙබළකු වන ඒ.ඩබ්. නුවන් කුමාර සහ වතුරගම එතගලබඩ පදිංචි මාලූ වෙළෙන්දකු වන ඩබ්.ඒ. කේෂිත හෂාන් යන විත්තිකරුවන්ටය.

 



අදහස් (3)

උතුරුමැද ආයුර්වේද කොමසාරිස්ට ඇසිඩ් ගැසූ දෙදෙනා සිරගෙට

Deshabandu Friday, 13 June 2025 08:40 AM

මොවුන්ව අවුරුදු 30ක් නෙමෙයි, ජීවිතාන්තය දක්වා සිර ගෙට දාන්න තමා තියෙන්නෙ. හමුදා සෙබලා මුලු හමුදාවටම අපකීර්තිය ගෙනත් දීපු එකෙක්. ගෑවිච්ච එකෙක්ව හෝ රජයේ හෝ හමුදා සේවයට බඳවා ගන්න හොඳ නැහැ . ඉරිසියාව සහ වෛරය තමා සියල්ලටම මුල

:       0       15

සෙනෙවිරත්න Friday, 13 June 2025 11:21 AM

මේකට සැකකාරයෙක් වෙච්ච ආයුර්වේද වෙදාගෙ කොන්ත්‍රාත් එකක් කියල තමයි කියවුනේ ඒ දවස්වල. මිනිහ නිදහස් කරපු උන් පරිප්පුව කනව. නඩුකාර තුමා කියල තියෙනව දුරකථන දත්ත තිබුණ නම් එහෙම වෙන්නෙ නැහැ

:       0       3

ගමේ එකාලා Friday, 13 June 2025 01:20 PM

මේ සාහාසික ක්‍රියාව කළ එවුන්ටත් ස්වබාව ධර්මයෙන් හෝ විඳවලාම මැරෙන්ඩ දඬුවම් ලැබේවා .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 349 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site