(අංජුල මහික වීරරත්න)
උතුරු පළාතේ වකුගඩු රෝගය පාලනය කර පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 24ක් ස්ථාපනය කිරීමට තීරණය කර තිබේ.
වව්නියා දිස්ත්‍රික්කයේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 6ක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්යේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 18 ක් මෙලෙස විවෘත කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.
උතුරේ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කළ ගම්මානවල මෙම නැනෝ ජල පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකර ඇත.
ඒ වව්නියාව දිස්ත්‍රික්කයේ වව්නියාව, වවුනියාව උතුර, වෙන්ගලච්ච්ඩිකුලම්, වව්නියාව දකුණු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පච්චිලෙයිපල්ලි, කරච්චි සහ කඳවලයි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලයි.
මෙම නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර මගින් දිනකට ජලය ලීටර 2,000ක් පමණ පිරිසිදු කිරීමේ හැකියාව පවතින බවද නැවත පදිංචි කිරීමේ ඒකකය පවසයි.
නැනෝ තාක්ෂණය මගින් ජලය පිරිපහදු කිරීමේදී ජලයෙහි අඩංගු ඉහළ සංයුජතාවකින් යුත් ලවණ වර්ග හෝ ද්වි සංයුජමය මූලද්‍රව්‍ය ඉවත් කරයි. තවද නැනෝ පිරිපහදු මගින් විෂ ද්‍රව්‍ය, බැර ලෝහ සහ අනෙකුත් කාබනික සංයෝග බැහැර කර ජලයෙහි දුඟද හා රස ඉවත් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වකුගඩු රෝග වැඩියෙන්ම තියෙන්නේ පොලොන්නරුව සහ අනුරාධපුර ප්‍රදේශවලයි.වැඩිම මිනිස්සු මැරුනේ මෙම ප්‍රදේශ වලයි .පිනාට චන්දේ ගන්න පිරිපහදු ඔක්කොම සවිකරන්නේ උතුරේ.අපේ මිනිස්සු මකබෑවුනත් පිනාට චන්දෙ විතරයි ඕනේ