
(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)
මුලතිව් , කොක්කුතුඩුවායි ප්‍රදේශයේ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩලබා දෙන ලෙස ඉල්ලා උතුරු පළාතේ වෙළෙඳ ව්‍යාපාරිකයෝ සිය ව්‍යාපාරික ස්ථාන වසාදමා අද හර්තාලයක නිරත වූහ.
හර්තාලයට සහය පලකරමින් උතුරු පළාතේ ධාවනය වන පෞද්ගලික බස්රථ , .ත්‍රීරෝධ රථ සහ වෙනත් පොදු ප්‍රවාහන සේවා ධාවනයෙන් ඉවත්ව සිටීම හේතුවෙන් පාසල් අධ්‍යන කටයුතු සහ පාසල් වෙත ළමුන්ගේ පැමිණීම අඩුවක් පැවති අතර ගමනා ගමන පහසුකම් නොමැතිවීමෙන් රාජ්‍ය ආයතනවලටද දැඩි බලපෑමක් එල්ලවිය.
යාපනය , මුලතිව් , කිලිනොච්චිය , මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්කයන් හි සියළු ව්‍යාපාරික ස්ථාන වසා දමා හර්තාලයට සහය පලකොට තිබූ අතර අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක විය.
කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබාදීම සඳහා ජලසම්පාදන මණ්ඩලයේ සේවකයන් පිරිසක් පසුගිය ජුනි 29 වැනිදා බැකෝ යන්ත්‍රයකින් කාණු කපා ජල නළ එළීමේදී පොළව යට තිබී මිනිස් අස්ථි කොටස් හා හමුදා නිලඇඳුමකට සමාන ඇඳුම් කොටස් කිහිපයක් හමුවිය.
කෝකිලායි පොලිසිය මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයටතේ අදාළ ස්ථානයේ කැණීම් සිදුකළ අතර එහිදී මිනිස් අස්ථිකොටස් කිහිපයක් හා හමුදා නිලඇඳුමකට සමාන ඇඳුම් කොටස් කිහිපයක් සොයාගෙන තිබූ අතර එය යුද සමයේ මියගිය එල්.ටි.ටි.ඊ කාන්තා සෙබලියකගේ සිරුරක කොටස් බවට විමර්ශන නිලධාරීන් හදුනාගෙන තිබිණ.

2025 දෙසැම්බර් මස 18
439
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ හර්තාලයක්
කිරිපුතා Friday, 28 July 2023 11:30 AM
ප්‍රංශෙ එක්කෙනෙක් එනවනෙ. මේවා කිට්ටිය පිලිගන්නෙ නෑ. මොකද කට්ටියගෙ මොල කොළ , රතු නිල් වැනි පාට පාට ගොම වලින පිරිලා
Senarath Friday, 28 July 2023 11:46 AM
මඩකලපුවේ හාරලා බැලුවොත් පොලිස් නිලධාරීන් 650 කගේ අස්ථි කොටස් සහ නිල ඇඳුම් අදටත් හමුවෙන්න පුළුවන්. ඒ වගේම උතුරේත් ඕනෑතරම් සිද්දි සිදුවුණා. ඒත් ඒ තරම් ප්‍රසිද්ධියක් නොලැබුණාට ... එදා පැවැති රජයන් වුණත් ඒ වගේ සිදුවීම් වලට ප්‍රසිද්ධියක් දුන්නේ නැහැනේ... රටේ ජනතාව කුපිත වෙලා කලබල සිදුවන නිසා... යුද්ධය 2009දී ඉවර වුණේ නැතිනම්, ඔය කෑ ගහන කට්ටියෙන් කී දෙනෙක් එල්.ටී.ටී.ඊ. එකෙන් මැරුම් කාවිද?