(රොමේෂ් මධුෂංඛ)
පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ යාපනය කන්කසන්තුරය ප්‍රදේශයේදී ඉඩම් අක්කර 75 ක පමණ ප්‍රමාණයක් යොදා ගනිමින් යාපනය ජනාධිපති මන්දිරය ඉදිකළද අවට ඉඩම් මේ දක්වා මුල් අයිතිකරුවන්ට ලබා දීමට වත්මන් ජනාධිපති පියවර ගෙන නොමැති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා පැවසීය.
හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ යාපනය කන්කසන්තුරෙයි ප්‍රදේශයේ ජන හමුවකට සහභාගී වූ අවස්ථාවේදීය.
එහිදී සී.වී.විග්නේශ්වරන් මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් පසුව යාපනයට පැමිණි අවස්ථාවේ අදාළ ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශය ජනතාව වෙත ලබාදෙන බවට පැවසුව ද අදාළ පොරොන්දුව මේ දක්වා ඉටු නොවූ බව ඒ මහතා පැවසීය.
එමෙන්ම වර්තමානයේදී උතුරු පළාත තුළ රජයේ හා පෞද්ගලික ජනතාවගේ ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් තවමත් ආරක්ෂක අංශ සතුව පවතින බවද එම ඉඩම් ලබා දීම සඳහා මෙතෙක් වත්මන් බලධාරීන් පියවර ගෙන නොමැති බවටද විග්නේශ්වරන් මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල රටේ ඉඳගෙන , රටේම විශ්වවිද්‍යාලවලින් ඉගනගෙන , සිංහලයො මැද්දේ රස්සාව කරලා , සිංහලයින්ට නෑකම් හදාගෙන , දැන් සිංහලයන් ට බනින මිනිහෙක් තමයි මේ.
කරුණාකර ජනමත විචාරණයක් පවත්වල , ජනතාවගේ කැමැත්ත විමසල වැඩි දෙනෙකු අකමැතිනම් ඔය පළාත්සභා ඔක්කොම අහෝසි කරලා දමන්න , මෙම විකාරවලට බදු ගෙවන ජනතාවගෙන් විශාල මුදලක් වියදම් වෙන අතර , කිසිදු සේවයක් නොසිදුවේ , මේවගේ ජාති වාධයෙන් ඔලුව ඉදිමෙච්ච පිස්සෝ පලත්සභාවල මහා ඇමතිලා සහ ආණ්ඩුකාරයෝ වීම මහා ඉසරදයකි , ඔවුන් කරන්නේ ජනතාවට සේවය කර පළාත දියුණු කිරීම පසෙක දමා ජාතින් අතර බේද ඇතිවන විදියට 365 දවසෙම කටයුතු කිරීමය . සිංහලයන් ජතිවාධින් නොවන බවට හොඳ උදාහරණයක් මේ මනුස්සය කොළඹ සිංහලයන් අතර හැදී වැඩි මහාදිකරන විනිසුරුවරයෙකු දක්වා ඉහල ගිය මේ මනුස්සයට , මේ පිස්සුව හැදුනේ යුද්ධෙන් පස්සේ , යුද්දෙ තවම තිබුන නම් මේ මනුස්සයත් ඉස්සර හිටපු විදිහට කොළඹ 7 ගෙදරටවෙලා හොඳට කල බිල සිංහලයන් අතරේම ජිවත් වේවි .
1958 සිට ලෝකේ රටවල් 80ක විහිදී, බලවත් රටවල ඇමතිවරු හා මහා ව්‍යාපරිකයෝ වී සිටින අය ඇතුළු කෝටි 8 ක් දෙමළ ජනයා ආර්ථික ආධාර කරද්දී ඥානම් උම්බිචි මහරාජා ජෙගනාදන් යන අයගේ පරපුරත්, ජෆාජි මුසජි හා අරාබි ජාතික ධන කුවේරයින්ගෙන් ආධාර ලබන ලාංකික මුස්ලිම් වරුනුත් විවිධ ව්යාපාරකරමින් ආනයන, අපනයන හා ප්‍රවාහන ඒකාධිකාරයන් පවත්වා ගනිමින් රටේ මුළු ආර්ථික ශක්තියම ග්‍රහණය කරගෙන ලෑන්ඩ් සේල්වලින් රටේ හැම ප්රදේශයකින්ම වැඩිගානට ඉඩම් ගනිමින් ඔවුන්ගේ පිරිස් පදිංචි කරවමින් හැම දේශපාලන පක්ෂ වලටම සම්බන්ධ වී එකමුතුව කලබල නැතුව හීන්නූලෙන් බලවතුන් වී අද ජනපතිටත් මෙසේ අභියෝග කරමින් නීතියෙන් නොවුනත් ඔවුන්ගේ ප්‍රදේශ වෙන් කරගන සිංහල බහුතරය වසන ප්‍රදේශ වලත් මුලින් කී අයුරු ඔවුන්ගේ බලය පතුරුවත්දි සමහර ගිහි, පැවිදි සිංහලුන් පම්පෝරි ගහමින් ඇනකොටා ගනිමින් ඔවුනොවුන්ගේ හිතළු කියමින් පිස්සු කෙලිද්දී ඒ දෙමළ, මුස්ලිම් කේවල් කිරීමෙන්ම බලයට එනවානං රටේ පාලක පක්ෂයට සුළු ජාතිය සතුටු කරන්නම වෙලයි තියෙන්නේ. සිංහලුන්ට ආර්ථික ශක්තියත් නෑ එකමුතුත් නෑ. සිහලුන් දේශපාලනයෙන් තොරව එකමුතු වී රටේ ආර්ථික ශක්තිය ග්‍රහණය කර බලවත් වියයුතු කාලයයි.