
(නිමල කොඩිතුවක්කු)
උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් හෙට(29) දිනයේදී වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
එම මුහුදු ප්‍රදේශවල පැ. කි. මි 70 ත් 80 ත් අතර ඉතා තද සුළං සමග තද වැසි ඇති විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ හේතුවෙන් උතුරු බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ බහුදින ධීවර යාත්‍රා හා නාවික යාත්‍රා කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණිය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd