(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණවලදී උතුරු නැගෙනහිර ප්‍රදේශවලට අත ලකුණ යටතේ තරඟ වැදීමට බලාපොරොත්තු වන බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
මේ තීරණය පක්ෂයේ මධ්‍යම කාරක සභාවද අනුමත කර ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා සෙසු දිස්ත්‍රික්කවලට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වදින බවද ප්‍රකාශ කළේය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ සන්ධානගතවීමට සාකච්ඡා කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd