IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උතුරු-නැගෙනහිර පවුල් ඔක්කොම වසර තුනකින් මුල් ගම් වලට

(අංජුල මහික වීරරත්න)

ඉදිරි වසර තුන ඇතුලත උතුරු හා නැගෙනහිර පළාත් වල ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

‍ එම පළාත්වල මේ වනවිට අවතැන්වූ පවුල් 274,120ට අයත් පුද්ගලයන් 917,143 දෙනකු පදිංචිකර අවසන් බව අමාත්‍යවරයා කීය. ඒ අනුව තවදුරටත් පවුල් 1,701ට අයත් පුද්ගලයන් 4,999 දෙනෙකු නැවත පදිංචි කිරීමට සිටින බවද අමාත්‍යවරයා කීය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ මන්නාරම, එරුක්කලම්පෙට්ටි "Kuwait Zakath" නිවාස ගම්මානය - දෙවැනි අදියර සදහා මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

මෙම නිවාස ගම්මානය නිවාස 125 කින් සමන්විත වන අතර මෙය ඉදි කෙරෙන්නේ “කුවේට් සකාත් හවුස්” ආයතනයේ මූල්‍යාධාර මතයි.  

 



අදහස් (5)

උතුරු-නැගෙනහිර පවුල් ඔක්කොම වසර තුනකින් මුල් ගම් වලට

සමන් Monday, 23 October 2023 02:06 PM

නොවරදවාම උතුරු නැගෙනහිර හිටපු සිංහල මිනිසුන්ටත් එකසේම සලකන්න. මොකද සිංහල දේශපාලුවෝ වගේ නෙවෙයිනෙ අනික් ජාතිවල කට්ටිය දන්නවා එයාලගේ ජාතියට සලකාගන්න අනික් අයගෙ ඒවත් අරන්. දැන් මේකට දමයි ngo කුක්කො ජාතිවාදය කියල...

:       1       7

rattu Monday, 23 October 2023 02:34 PM

අවතැන්වෙච්ච සිංහල අපිට කාගෙ පිහිටක්ද?

:       0       9

මංජුල Monday, 23 October 2023 03:47 PM

පලාස්ටික් මල්මාල තහනම් කිව්ව නේද

:       0       4

සුභ Monday, 23 October 2023 04:50 PM

ගෙවල් නැතත් ඔහෙ හිටපු සිංහල මිනිසුන්ටත් ඉඩමක් වත් දීපන් ප්‍රසන්න , ඔහෙ ඉන්න NGO නඩවලට වහල් නොවී....

:       0       0

කුමාරදාස Tuesday, 24 October 2023 12:27 AM

".. ඊශ්‍රායලය යනු, මුස්ලිම් අරාබි රටවල් මැද ඇති එකම යුදෙව් රාජ්‍යයයි. ලෝකයේ එකම යුදෙව් රාජ්‍යය වන්නේ ද ඊශ්‍රායලයයි.." කියලා මේ වෙබ් අඩවියේම ප්‍රවෘත්තියක තිබුණා. "ලෝකයේ එකම සිංහල රාජ්‍යය වන්නේ ශ්‍රී ලංකාවයි.." කියලා කිව්වා නම් කොහොමද..? මේ රටේම එවුනුත් එන්නේ නැටි උස්සගෙන.. ලෝකෙ වටේ ඉන්න එවුනුත් එන්නෙ එහෙම.. මෝඩ සිංහලයාට තාම තේරෙන්නේ නෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site