(යොහාන් භාසුර)
‘වික්‍රමසිංහ - රාජපක්ෂ ආණ්ඩුව‘ ලාංකේය ජාතිය සතු උතුරු නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් 74 ක් සංහාරයට ඉඩදී නිහඬව බලා සිටින බවත් එම පුරාවිද්‍යා උරුමයන් සංහාරය දකුණු ඉන්දියානු හින්දු මූලධර්මවාදී පක්ෂවල අනුග්‍රහයෙන්, උතුරේ බෙදුම්වාදී දේශපාලන පක්ෂවල දායකත්වය ඇතිව කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අද (4) පැවසීය.
එය බරපතළ ජාතිවාදී මරාගැනිල්ලකට පාර කැපීමක් බව කී සමරවීර මහතා කොළඹ සංසිද්ධීන් දෙස කවුරුත් උනන්දුවෙන් බලා සිටින මේ මොහොතේ ලාංකේය ජාතියට අයත් උතුරු නැගෙනහිර දෙපළාතේ පුරාවිද්‍යා උරුමයන් බොහෝ වේගයෙන් සංහාරය වෙමින් තිබෙන බව ද සඳහන් කළේය.
මෙම පුරාවිද්‍යා උරුමයන් සංහාරයට සාමාන්‍ය දෙමළ ජනතාව තදබල ලෙස විරුද්ධ වුවද ඔවුන්ගේ හඬ යටපත් කර ඇති බව කී ඒ මහතා දකුණු ඉන්දියානු හින්දු මූලධර්මවාදී දේශපාලන පක්ෂ නායකයන් දෙදෙනෙක් පසුගියදා උතුරු පළාතට පැමිණි බව ද සඳහන් කළේය.
වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නැදුන්කර්නි පොලිස් බල ප්‍රදේශයේ, නයිනමඩු රක්ෂිතයේ, 222 ඕළුමඩු ග්‍රාම සේවා වසමේ පිහිටා තිබෙන වඩුන්නාගල හෙවත් වෙඩිකිනාරිමලේ පුරාවිද්‍යා ස්මාරකය පසුගියදා සංහාරයට ලක්වූ බවත් එය අනුරාධපුර මුල් යුගයට අයත් බෞද්ධ සිද්ධස්ථානයක් මෙන්ම එහි ලෙන් විහාර අටක් ඇතුළත් බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්තර සමරවීර මහතා පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (4) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාගේ ලොක්කා වගේ ජාති වාදයත් කුමන්ත්‍රණ ගැනත් කතාකරලා ගොඩ වැඩිකර ගන්න බලන්න. තවමත් ඕවාට රැවටෙන අය නොඉන්නවා නොවේ...!
All anti-Buddhist forces are trying to wipe out Buddhism n our culture.
ලංකාවෙ සංස්කෘතිය විනාශ කරන්න බලගතු වැඩ පිලිවෙලක් ක්‍රියාත්මකයි. පසුගියදා ඇමරිකාව කිව්ව ලංකාවෙ ආගමික නිදහස නැහැ කියල. මේව එකම ක්‍රියාදාමයක කොටස්. ආණ්ඩුව ඇමරිකාවේ යටත් විජිතයක් වෙලා ඉවරයි. සියල්ල කරන්නෙ ඇමරිකා තානාපතිනිය. මේවාට එරෙහිව ප්‍රබල හඩක් මතුවිය යුතුයි. මහනායක හිමිවරුනුත් නිදි. ඉතාම ඛේදජනකයි.
ආයිමත් ආගමික උන්මාදය පටන්ගත්ත. ගිනිතියපං බං.උඹලගේ දේශපාලනය එපමණයි.. අර චීනය අතීතයේ කලා වගේ සියලු ආගමික කටයුතුවල තහනමක් කල යුතුයි...
මෙතන රාජපක්ෂලාට කරන්න පුළුවන් දෙයක් නැහැ. රාජපක්ෂලා බලයේ ඉන්නකාලේ හම්බයෝ දෙමල්ලු මීක් කිව්වේ නැහැ. හම්බයින්ගෙන් කුරගල බේරා දුන්නේ රාජපක්ෂලා. ප්‍රභාකරන්ට උතුර නැගෙනහිර දෙන්න සුදානම් වූ රනිල්ගේ පාලනය නිසා තමයි දෙමල්ලු දැන් කෙකර ගාන්නේ. ඔහේ වැඩ පටන් ගන්න අපි එකතු වෙන්නම්. ඝට තිබෙනවා නම් ඔය ටික පාරලිමේන්තුවේ කියන්න. එතකොට අපිට රනිල් රාජපක්ෂලාගේ හා දෙමලුන්ගේ ප්‍රතික්‍රියා බලාගන්න පුළුවන්.