IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උතුරු - නැගෙනහිර අවතැන් මධ්‍යස්ථාන වසා දමයි

(අංජුල මහික වීරරත්න)

යුද සමයේ උතුරු හා නැගෙනහිර අවතැන්වූවන් රඳවා සිටින සියලුම සුබසාධන මධ්‍යස්ථාන මෙම වසරේදී වසා දමන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මේ වනවිට යාපනය දිස්ත්‍රික්කයේ  සුබසාධන මධ්‍යස්ථාන තුනක් ක්‍රියාත්මක අතර  සිටින පවුල් සංඛ්‍යාව 10කි. ඉන් පවුල් 9ක් සඳහා ඉඩම් නිදහස් කර මේ වසර අවසන්වීමට පෙර නැවත පදිංචි කිරීමට කටයුතු කරමින් සිටින අතර එක් පවුලක් පමණක් ඔවුන්ගේ මුල් ඉඩම ලබාදෙන ලෙස දැඩිව ඉල්ලීම් කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.

ඔවුන් සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණෙන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නැවත පදිංචි කිරීමේ අංශයට උපදෙස් දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වනවිට සුබසාධන මධ්‍යස්ථාන වලට ඇතුළත් නොවී නැවත පදිංචිය බලාපොරොත්තුවෙන් නෑදෑ හිත මිතුරන්ගේ නිවාසවල පවුල් 1502ක් සිටින බවත් ඉන් පවුල් 212ක් සඳහා ඉඩම් නිදහස් කර තිබෙන අතර  ඉදිරියේදී ඔවුන්ට නිවාස ලබාදීම නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් කිලිනොච්චිය හා වව්නියාව දිස්ත්‍රික්ක වල ඉදිකරනු ලැබූ නැනෝ ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙි බව කීය.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සේලවනගර් ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානය, උරුතිපුරම් නැගෙනහිර ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානය,වව්නියාව දිස්ත්‍රික්කයේ කන්කන්කුලම් ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානය, වව්නියාව දකුණ අවරන්තලාව ජලපිරිපහදු මධ්‍යස්ථානය මෙලෙස ජනතා අයිතියට පත් කෙරිණි.



අදහස් (0)

උතුරු - නැගෙනහිර අවතැන් මධ්‍යස්ථාන වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site