
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
යාපනයේ පාසල් රැසක සිසු සිසුවියෝ 700 දෙනෙක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පසුගිය 12 වැනිදා පැමිණියහ.
ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට පාර්ලිමේන්තුව නැරඹීම සඳහා උතුරේ පාසල් සිසු සිසුවියන් මෙපමණ විශාල පිරිසක් පැමිණි පළමු අවස්ථාව මෙයයි.
පාර්ලිමේන්තුව නැරඹීම සඳහා මෙසේ පැමිණ ඇත්තේ වඩමාරාච්චි කාන්තා මධ්‍ය විද්‍යාලය, තොන්ඩෛමානාරු වීරකත්තිපිලෛයාර් මහා විද්‍යාලය, වල්වෛ කාන්තා මහා විද්‍යලය, නෙල්ලියඩි මහා විද්‍යාලය, පොලිකන්ඩි හින්දු දෙමළ මිශ්‍ර පාසල, උඩුපිට්ටි කාන්තා විද්‍යාලය, විග්නේෂ්වරා විද්‍යාලය, කරවෙට්, වේලායුදම් මහා විද්‍යාලය, වඩමාරාච්චි හින්දු කාන්තා විද්‍යාලය, මෙඩිරිස්තා කාන්තා විද්‍යාලය, කොට්ට්‍රාවත්තෛ විදුහල යන පාසල්වල සිසු සිසුවියන් 700 දෙනෙකි.
මෙම සිසු සිසුවියන්ට පාර්ලිමේන්තුවේ මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම් සජීවීව නැරඹීමේ අවස්ථාව මෙන්ම පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටදී සමූහ ඡ්‍යාරූපයකට පෙනී සිටීමේ අවස්ථාවද හිමිවූ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd