
උතුරු කොරියාවේ සිට දකුණු කොරියාව දෙසට කුඩා බැලූන සියයකට ආසන්න ගණනක් පා වී ආ බවත්, දකුණු කොරියානු දේශසීමා හමුදාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවත් වාර්තා වේ.
දකුණු කොරියානු හමුදාව පවසන්නේ, උතුරු කොරියානුවන්, ඔවුන්ගේ කසල එල්ල, මෙම බැලූන දේශසීමා හරහා දකුණු කොරියාව දෙසට එවන බවය.
බැලූන 90කට වැඩි ගණනක් දේශසීමා හරහා පා වී ආ බව ද පැවැසෙයි.
‘කසල බැලූන’ පා වී එද්දී, උතුරු සහ දකුණු කොරියානු දේශසීමාවේ පදිංචි වැසියන්ට දකුණු කොරියානු හමුදාව අනතුරු ඇඟවූයේ දේශසීමාවෙන් ඈත් වී සිටින ලෙසය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd