
(නිමල කොඩිතුවක්කු)
රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග පවුල් 2278 කට අයත් 7194 ක් පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
රත්න පුර දිස්ත්‍රික්කයේ පවුල් 1885 කට අයත් 5776 ක් සහ කලුතර දිස්ත්‍රික්කයේ පවුල් 393 කට අයත් 1418 ක් පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව ඇති බවත් එම මධ්‍යස්ථානය පවසයි.
කලුතර දිස්ත්‍රික්කයේ මතුගමත් රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපෙල සහ ඇහැලියගොඩ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාව මෙම තත්වයට මුහුන පා ඇතැයිද එහි ප්‍රකාශකයකු පැවසීය.
මෙම ජනතාව සඳහා බවුසර් මගින් පානිය ජලය බෙදා හැරීම සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්නපුර, කළුතර කියන්නේ ජල උල්පත් ඕනෑ තරම් තියෙන ප්‍රදේශ. හම්බන්තොට මන්නාරම වගේ නම් හිතන්න පුළුවන්.
මතුගම ඇහැලියගොඩ ලංකාවේ වැඩිම තෙතමනය සහිත ප්‍රදේශ නොවේද?