IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උඩවලව අඩියටම හිඳෙයි

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

වසර විස්සකට පසුව වලව කලාපයට  ඇතිවු දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා වැසි නොලැබුණොත් උඩවලවේ ජලාශයෙන් තවදුරත් ජලය නිකුත් කිරිමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව උඩවලව සහ උමාඔය භාර නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, උඩවලව ජාලශය භාර කාර්යභාර ඉංජිනේරු, සුජීව ගුණසේකර මහතා අද (3)  සවස පැවසීය.

උඩවලව ජලාශයේ ජලමට්ටම අගොස්තු 03දා වනවිට 1.8% දක්වා අඩුවි ඇති බව පෙන්වාදුන් නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ගොවීන්, පානීය ජලය ලබන සාමන්‍ය වැසියන් මෙන්ම උඩවලව ජාතික උද්‍යානයේ වන සතුන් ද දරුණු ජල ගැටලුවකට මුහුණ දෙන බව ද අවධාරණය කළේය.

‘උඩවලව ජලාශයේ ජලධාරිතාව අක්කර අඩි 3511කට වඩා අඩු මට්ටමකට ඇවිත්. මේ වනවිට (03දා) උඩවලව ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 75.5ක ප්‍රමාණයේ රැඳිලා තියෙන්නේ. තව දවස් දෙකකින් උඩවලව ජලාශයේ ජල මට්ටම අවම මට්ටමකට ඒවි කියලා විශ්වාස කරනවා. එහෙම වුනොත් ජලාශයේ ජලය නිකුත් කිරිමේ දී අවම පීඩන මට්ටමකට ඒවි. එහෙම වුණොත් විශාල ගැටලුවකට මුහුණ දෙනවා.’ නියොජ්‍ය අධ්‍යක්‍ෂ සූජීව ගුණසේකර මහතා සඳහන් කළේය.

 



අදහස් (6)

උඩවලව අඩියටම හිඳෙයි

රට පෙරට Thursday, 03 August 2023 09:07 PM

අධ්‍යක්ෂතුමෝ, ලංකාවේ සිටින කළදුටුකල වල ඉහින කාළකණ්නි දේශපාලුවන් ඔතැන හෝටල් අටවන්න ඒවි කියලා හිතෙනවා. ඉක්මණින් ආරක්ෂක විධිවිධාන යොදන්න හෝටල් ඇටෙව්වෝත් කවදාහරි ධාර්මික පාලකයින් ඇවිල්ලා වැස්ස ලැබුණොත් වැව පුරවන්න බැරිවේවි හෝටල් හිමියන් පුරවන්න එපා කියලා නියෝග කරාවි... එහෙම කරපුවා රජරට තියෙනවා කියලා අහන්න ලැබුණා.

:       0       1

Nimal Thursday, 03 August 2023 09:08 PM

රටටම ප්‍රබල ලෙස බලපාන ප්‍රශ්නයක් මේක... නමුත් පිනාධිපති සහ අගමැති මුනිවත රකියි.

:       0       2

පැරකුම් Thursday, 03 August 2023 09:32 PM

ජලාශ හැදුවාට මදි... ඒවා නඩත්තු කරන්නත් ඕන බව අපේ පාලකයින් දන්නේ නෑ. ඒ නිසා තමයි දවසින් දවස රොන් මඩ පිරිලා ජලාශයේ ධාරිතාව බිංදුවටම බහින්නේ... පාලකයෝ, ඉංජිනේරුවෝ කොච්චර ලොකු පඩි ගත්තත් කරන දෙයක් නෑ... ජල පෝෂක ප්‍රදේශවල අනවසර ගොවිතැන්, හෝටල්, ගොඩනැගිලි දේශපාලුවන්ගේ අනුග්‍රහයෙන්... අන්තිමට අපි දුක් විඳිනවා...

:       1       3

Perera Friday, 04 August 2023 03:36 AM

රටේ ආර්ථිකය වගේ තමයි... අඩියටම හිඳිලා...

:       0       3

nimal Friday, 04 August 2023 06:52 AM

ගොවීන්ගේ ඉල්ලිම පරිදි සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීම පිළිබඳව නැවත සිතාබැලිය යුතුවේ. මේ වනවිට දැඩි නියඟයකට මුහුණ පා තිබෙන්නා වූ පළාත් වෙත ජලය නිකුත් කළද පුලාවේ තිබෙන්නා වූ දැඩි වියළි තත්වය නිසා විශාල ජල ප්‍රමාණයක් නිකුත් කිරීමට සිදුවේ. සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කරනා ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් පොළවට උරා ගැනීම සිදුවේ. ජලය ලබාදීම ආරම්භ කර යම් හෙයකින් අතරමගදී නැවැත්වීමට සිදුවුවහොත් ගැටළු වැඩිවන බැව් කිවයුතුවේ. එසේ වුවහොත් සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලයට නිකුත් කළ ජලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නොහැකි නම් ජලය නිකුත් කිරීම සුදුසු නොවේ. යම් හෙයකින් ජලය නිකුත් කිරීම සිදුවුවහොත් අවසානයේ බිමට සහ විදුලිය නිපදවීමට පවා ජලය නොමැතිව අර්බුද ගණනාවක මුහුණ දීමට සිදුවේ. ගොවීන්ට සහනයක් වශයෙන් මසකට යම් දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතුවේ. ඒ අතර උඩවලව ජලාශය ගැඹුරු කර ජලය රඳවා ගැනීමේ ප්‍රමාණය වැඩිකිරීම පිළිබඳව සොයාබැලීමක් කළයුතු වේ...

:       1       2

පැරකුම්Friday, 04 August 2023 03:01 PM

ජලාශය අමුතුවෙන් ගැඹුරු කරන්න ඕනෑ නෑ. පිරිච්ච රොන්මඩ ටික නිසිකලට ඉවත් කරනවා නම් එච්චරයි. අපේ පඬිවරු ඒකමයි නොකරන්නේ වෙන අනම් මනම් දොඩවනවා. කාට කියන්නද? අපි පත්කරගෙන තියෙන්නේ නියම පුත්තලම් බූරු රැලක්නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site