(ශාන්ත චන්ද්‍රසිරි)
උඩරට දුම්රිය මාර්ගයේ වටවල හා රොසැල්ල දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් අද (09) දහවල් පිලී පැණීමට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
නාවලපිටිය සිට සිට නානුඔය බලා ධාවනය වු මන්දගාමී දුම්රියේ එංජිම සහිත කොටස මෙසේ පිලි පැනීමට ලක්ව පැවැති බව පාලක මැදිරිය සඳහන් කරයි.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී පවතින බවත්, දුම්රිය සේවකයන් විසින් පිලී පැනීමට ලක් වු දුම්රිය යළි පිලිගත කිරීමේ කටයුතුවල නිරතව ඇති බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පවසයි.
මෙම වසරේ ගෙවී ගිය කාලය තුලදී උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පිලී පැනීම් හතක් සිදුව ඇති බවත්, මේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව ඇතැයි දුම්රිය මගීහු චෝදනා කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd