IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා: රාත්‍රී දුම්රියන්ද අවලංගුයි

(සමන් පාලිත නානායක්කාර)

උඩරට දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අද (24) උදෑසන සිට  උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.

මේ වන විටත් ධාවනය වන දුම්රිය ඉතා මන්දගාමීව සිදුවන බවද දුම්රිය පාලක මැදිරිය පැවසීය.

විශේෂයෙන් ඉදල්ගස්හින්න ඕහිය අඹේවෙල  පට්ටිපොළ යන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතිය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවද දුම්රිය පාලක මැදිරිය පැවසීය. 

විශේෂයෙන්ම උඩරට දුම්රිය මාර්ගයට හපුතලේ දියතලාව  පට්ටිපොල දක්වා කොටසට දැඩි සුළං සමග ගස් කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් දුම්රිය ධාවනය  කිරීම අනතුරු දායක තත්වයක පවතී. 

පවතින තද වැසි සහිත කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය සහ විශේෂ දුම්රියද,  කොළඹ සිට බදුල්ල බලා ධාවනය  වීමට නියමිත රාත්‍රී සීඝ්‍රගාමී දුම්රියද මේ වන විට අවලංගු කර තිබේ. 



අදහස් (0)

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා: රාත්‍රී දුම්රියන්ද අවලංගුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site