
(ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල පස්කන්දක් අද (22) අලුයම කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
පවතින අධික වර්ෂාවත් සමඟ මෙසේ අලුයම උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල පස්කන්දක් කඩා වැටී තිබෙන බවත් , මේ නිසාවෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය දැනට ඔහීය දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු කීය .
බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ පොඩිමැනිකේ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් ,දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති පස්කන්ද ඉවත් කිරිමට කටයුතු සිදු කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය .
මේ හේතුවෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (22) දිනයේ ප්‍රමාද වන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd