
(ශාන්ත චන්ද්‍රසිරි)
උඩරට දුම්රිය මාර්ගයට පට්ටිපොල දුම්රිය ස්ථානය ආසන්න ප්‍රදේශයේදී විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට අද (29) උදෑසන බාධා එල්ල වී පැවැති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම ගස දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති බවත්, දුම්රිය සේවකයන් එකතුව ගස කපා ඉවත් කොට මාර්ගයේ දුම්රිය ගමනා ගමන කටයුතු පැය කීපයකට පසු යතාතත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බව පාලක මැදිරිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd