IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


උඩරට දුම්රිය ධාවනයට අදත් බාධා

(සමන් පාලිත නානායක්කාර)

කොළඹ බදුල්ල  උඩරට දුම්රිය මාර්ගයට දියතලාව හපුත්තලේ දුම්රිය ස්ථාන දෙක අතර 155 /27  කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී ගල් පර්වතයක් සමග පස් කන්දක් කඩා වැටී උඩරට දුම්රිය ගමනාගමනය ට අදත් (10)  බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසීය. 

පැවති වර්ෂාව සමඟ පස්වරු පහයි තිහට පමණ මෙසේ දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටි අවහිර වී තිබේ.

 මේ හේතුවෙන්  කොළඹ සිට බදුල්ල  බලා ධාවනය වෙමින්  තිබූ උඩරට මැණිකේ දුම්රිය හපුතලේ  දුම්රිය ස්ථානයේ නවතා තිබේ.

  බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ   රාත්‍රී තැපැල් දුම්රිය ප්‍රමාද වී ධාවනය විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව  පැවසීය. 

දුම්රිය මාර්ගයට වැටී  ඇති පස් කඳු  දුම්රිය මාර්ග සේවකයින් මෙන්ම යුද හමුදා බට පිරිසකගේ ද සහභාගිත්වයෙන් ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බව  දුම්රිය පාලක මැදිරිය පැවසීය.



අදහස් (0)

උඩරට දුම්රිය ධාවනයට අදත් බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 32 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site