
( ශාන්ත චන්ද්‍රසිරි සහ සිසිර ලලිත් කුමාර )
උඩරට දුම්රිය මාර්ගයේ ගලබඩ හා ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර පෙන්රෝස් ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් අවහිරව පැවැති උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (23) දහවල් වනවිට යතාතත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
දුම්රිය මාර්ගයට අද (23) අලුයම් කාලයේ මෙම ගස කඩා වැටී තිබු බවත්, එය විශාල ගසක් හේතුවෙන් කපා ඉවත් කිරීමට වැඩි කාලයක් ගත වු බවද දුම්රිය පාලක මැදිරිය කියයි.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල හා කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය බාධා එල්ල වී පැවැති බවත්, දුම්රියෙන් පැමිණෙන මගීන්ට නාවලපිටියේ සිට හා හැටන් සිට බස් රථ මගින් ගමන් පහසුකම් සපයාදීමට පියවර ගෙන තිබු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය මග දෙපස සියලුම ගස් ඉවත් කිරීමට අපගේ මාලිමා රජයක් යටතේ කටයුතු කරනු ඇත. එවිට මෙවැනි ප්‍රශ්න ඇති වී කරදරේ වැටීමට දුම්රිය මගීන්ට සිදු නොවනු ඇත.