(සමන් පාලිත නානායක්කාර )
හපුතලේ සහ දියතලාව දුම්රිය ස්ථාන දෙක අතර ප්‍රදේශයේ ගල් පර්වත සමග පස්කන්දක් කඩා වැටී අවහිර වූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත්වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
ඊයේ සවස පහයි තිහට පමණ හපුතලේ දියතලාව අතර 155/ 27 කිලෝමීටර් කණුව ආසන්නයේදී දුම්රිය මාර්ගයට ගල් පර්වත සමඟ පස් කන්දක් කඩා වැටී දුම්රිය ගමනාගමනයට බාධාවී පැවතුනි.
දුම්රිය මාර්ග කම්කරුවන් සහ යුද හමුදා සාමාජිකයින් පහළොස් දෙනෙකුගේ සහභාගිත්වයෙන් දුම්රිය මාර්ගය කඩිනමින් පිළිසකර කිරීමට කටයුතු කෙරිණි.
ඒ අනුව අද දින උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවන බව නාවලපිටිය දුම්රිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd