
(යොහාන් භාසුර)
මාධ්‍යම කඳුකර ප්‍රදේශයයේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සමඟ වටවල හා ගලබඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනට බාධා මතු වී තිබේ.
අද දහවල් 1.00 ට පමණ මෙසේ දුම්රිය මාර්ගයට ගස කඩා වැටී ඇති අතර ඒ හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 8.30 ට බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණීකේ සීඝ්‍රගාමී දුම්රිය ගලබඩ දුම්රිය ස්ථානයේ පස්වරු 1.00 සිට නවතා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවැසීය.
මාර්ගය යථාතත්වයට පත් කර දුම්රිය ගමනාගමන සවස 3.00 ට පමණ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd