(අංජුල මහික වීරරත්න)
තමා උතුරට හෙලිකොප්ටරයෙන් ගියේ රටට ඩොලර් හොයන ව්‍යාපෘතියක් වෙනුවෙන් යැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
උතුරු කොළඹ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් හාරදහසක් සඳහා සතොස වවුචර් ප්‍රදානය ප්‍රදානය කිරීමේ රැස්වීමකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කරුණානායක මහතා මේ බව කීය.
හෙලිකොප්ටරයකින් උතුරට ගියේ කුමකටදැයි එහිදී මාධ්‍යවේදීන් ඇසූ විට කරුණානායක මහතා පැවසූයේ "ඇයි මට යන්න බැරිද? මම ආණ්ඩුවේ නැහැනේ.ඉතින් මට ඕනේ එකක් කරන්න පුළුවන්නේ.මම ආයෝජකයන් සමග ගිහින් රටට ඩොලර් එකතු කරන්න හදන විටත් එ් දෙසත් කුහකකමින් බලනවා.මාධ්‍යත් මේවා දැනගත යුතුයි"යනුවෙනි.
ආණ්ඩුවේ තනතුරක් බාර ගන්නවා දැයි මාධ්‍යවේදීන් ඇසූ පැනයට පිළිතුරු දෙමින් රවී කරුණානායක මහතා පැවසූයේ අවශ්‍යවන්නේ තනතුරු නොව ජනතාවට උදව් කිරීම බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එන්නේ පරණ හොරු සෙට් එක එළියට...!
උඩින් උඩින් වර පෙත්තප්පු බිමින් යන්න බැරි පෙත්තප්පු. ඩොලර් හොයන් වර පෙත්තප්පු බොල පෙත්තප්පු බොල පෙත්තප්පු. හැරෙන කොට බයයි මොන පොල් පැලේටද කියලා.
මහබැංකුව ගිල්ල කෙනා තව මොනවා ගිලගන්නද හදන්නේ දන්නේ නැහැ...
දන්නවා බිමෙන් ගියොත් කරදර වෙන්න පුලුවන් කියල.
මහ බැංකු බැඳුම්කරවලින් හොයාගත්තුවා වියදම් කරන්න හිතාගෙන උඩින් යන්න ඇත්තේ...!
හැමෝම එන්නේ මිනිස්සු න්ට උදව් කරන්න කියලා තමයි. නමුත් ඒ උදව් කරගන්නේ එයාලටම තමා.
මෙයා හොරෙක්........
ඔයාලට ඕන සෙල්ලමක් දාන්න පුළුවන්... හැබැයි ඉස්සර වගේ ඔට්ටු සෙල්ලම් කරන්න හිතන්නවත් එපා. අපි දන්නවා ඔයාලා අපිට හරිම ආදරෙයි කියලා. වැඩක් බලාගෙන ඉන්න හලෝ...!
ටික ටික කට්ටිය එලියට බහිනවා. අර 9වෙනිදා එහෙම කොහේද මේ මහත්තය හැංගිලා හිටියේ දැන්නේ නෑ. ඩොලර් හොයන්න ගියාලු. හාහා කාටද එයාට වෙන්න ඇති. ඔබතුමාත් මේ රටේ මුදල් ඇමැතිවෙලා හිටියා මතකද. දැන් ඒ කාලේ කව්රු කව්රුත් කරපු දේවල් නිසා තමයි මේ රටේ අසරණ මිනිස්සු විඳවන්නේ.
මෙච්චර ආදරයක්. ඔහොම යමු.
කොමිස් එක කීයද?
තවත් බැංකු කොල්ලෙකටද?
කුණුහරප විතරමයි මගෙ ඔලුවට එන්නේ..!
රනිල්ට තියෙන ආදරේද. කොමිස් එකට තියෙන ආදරේටද?
මොන කොනින් හිනාවෙනද කියලා හිතා ගන්න බැරුව මම ඉන්නේ.
අන්න මගේ ඩොලර් නැව එනවා...
10% ද 20% ?
උතුරේ ඉඩම් ටිකට හරි වගේ.