
(අංජුල මහික වීරරත්න)
වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් නායකත්වයට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු බව උගන්ඩා ජනාධිපති යොවේරි මුසෙවේනි මහතා උගන්ඩාවේ දී පැවසීය.
තම ආරාධනය අනුව උගන්ඩා නිල සංචාරයට එක්වීම පිළිබඳව මුසෙවේනි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සතුට පළ කළේය.
ශ්‍රී ලංකාවේ නව ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී නායකයන් සාකච්ඡා කළ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට එළැඹීමෙන් පසුව ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට යමින් සිටින බවයි. 2024 වසරේ නව වර්ධනයක් සමඟ අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කරමින් සිටින බවද ජනාධිපතිවරයා කීය.
දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදන්න මගුල් කතා නොකර ඉන්න ...!
යොවේරි මුසෙවේනි මහත්තයෝ..., මට තේරුනේ නෑ, වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ නායකත්වය දුන්නා කියලාද කිව්වේ? අපි එතකොට ඉන්නේ ලංකාවේ නෙමෙයිද?, එහෙමත් නැත්නම් රනිල් වික්‍රමසිංහ වෙන ශ්‍රී ලංකාවක් නගා සිටුවලාද?
බොරු කයිවාරු... මේ රටේ බහුතරයක් බඩගින්නේ... ජනතාවගේ සහතිකයක් තියෙනවද?
වර්තමානයේ පවතින ජීවන වියදම මිනිස්සුන්ට දරා ගැනීමට අපහසු බව තමා පිළිගන්නේ යැයි ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඡන්දෙන් පස්සේ රාජපක්ෂලාගේ හෝටලේක ආරක්ෂාව ඇතුව ඉන්න පුළුවන් කියන්න ඇති
අවශ්‍යනම් හදීසියකට මහින්ද ලොක්කගෙ ඩොලර් ටිකක් දෙන්නම් කියලත් කිව්ව !!!