(ගයාන් සූරියආරච්චි)

ඊෂි කෑෂ් සහ එම් කෑෂ් භාවිත කරමින් මත්ද්‍රව්‍ය සඳහා මුදල් ගෙවන 198 දෙනකුගේ තොරතුරු ලබාගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඊෂි කෑෂ් සහ එම් කෑෂ් හරහා මත්ද්‍රව්‍ය මිලදී ගැනීම් සහ විකිණීම සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් පරිදි පෙරේදා (6) මෙහෙයුම් ආරම්භ කෙරිණි.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශන වලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 18 දෙනෙකු සම්බන්ධයෙන් බැංකු ගිණුම් වාර්තා ඔස්සේද, තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 71 දෙනෙකු සම්බන්ධයෙන් දුරකථන කුළුණු විශ්ලේෂණ වාර්තා ඔස්සේද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.