
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අග්‍රාමාත්‍යවරිය පෙට්‍රා දෙ සටර් සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පෙන්වා දී ඇත.
බෙල්ජියම යුරෛා්පා රටකි. ඊශ්‍රායලය, ඉවක් බවක් නොමැතිව, ලෙබනනයට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන්, යුරෝපා සංගමය දැඩි කනස්සල්ලෙන් පසුවන බව ද වාර්තා වේ. බෙල්ජියම් අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ, අන්තර් ජාතික ප්‍රජාව එක් වී, ඊශ්‍රායලයට එරෙහිව නැගී සිටිය යුතු බවය.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදාගෙන හිටපු සිංහයින් නැගිටුවාගෙන කනවෝ කිව්වාම හරිද? මුලින්ම පහරදීම ආරම්භ කළ අයට සම්බාධක පැනවීම නොවෙයිද කරන්න ඕනෑ..?
පමා වෙලා හරි තේරුණා නං ලොකු දෙයක්. ඇමරිකන් ලොක්කටත් කියන්න ඔය පණිවුඩය.
ඊශ්‍රායලයට රොකට් එවන හමාස්, හිස්බුල්ලා, හූති කණ්ඩායම්, පව්නේද? ඒ අය ඊශ්‍රායලයේ හඳ කියලා හිතන් ඇත්තේ, හරි පව් නේද? ඊශ්‍රායලය හඳ නෙවේ කියලා කවුරුවත් ඒ අයට කියලා දෙන්නෙත් නෑ, හරිම පව් නේද?
එතකොට ඔක්තෝබර් 8 වෙනිදා ඉදලා මේ වෙනකම් ඊශ්‍රායලයට පහරදීපු , මිනිසුන් 1000කට වඩා මරපු ත්‍රස්තවාදීයා නිකම්ම නිකං අහිංසක හාවෙක් වෙන්නැති.
ඒත් අගමැතිතුමා දන්නවාද ලෙබනන් වල ඉඳලා දවසකට රොකට් දාස් ගාණක් ඊශ්‍රායලයට ගහනවා කියලා. එකක් දෙකක් නෙවෙයි දාස් ගාණක්. එහෙම ගහද්දී ආපහු ගහන්නේ නැතිව ඉවසන් ඉන්න එකේ සීමාවක් තියෙනවා...
බෙල්ජියමටත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුනොත් ඔය අයටත් තේරෙයි ත්‍රස්තවාදීන් යනු කවුරුදැයි කියා. ඇමරිකාවත් ඔවුන්ට ගුවන් ප්‍රහාර එල්ලවන තුරුම හිටියේ ඔය වගේ මතයක තමයි. තුවාලේ තියන එකා තමයි දන්නේ ඒකෙ අමාරුව.