IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අග්‍රාමාත්‍යවරිය පෙට්‍රා දෙ සටර් සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පෙන්වා දී ඇත.

බෙල්ජියම යුරෛා්පා රටකි. ඊශ්‍රායලය, ඉවක් බවක් නොමැතිව, ලෙබනනයට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන්, යුරෝපා සංගමය දැඩි කනස්සල්ලෙන් පසුවන බව ද වාර්තා වේ. බෙල්ජියම් අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ, අන්තර් ජාතික ප්‍රජාව එක් වී, ඊශ්‍රායලයට එරෙහිව නැගී සිටිය යුතු බවය.

(අල් ජසීරා)



අදහස් (6)

ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ

Nilantha Tuesday, 01 October 2024 05:08 AM

නිදාගෙන හිටපු සිංහයින් නැගිටුවාගෙන කනවෝ කිව්වාම හරිද? මුලින්ම පහරදීම ආරම්භ කළ අයට සම්බාධක පැනවීම නොවෙයිද කරන්න ඕනෑ..?

:       1       1

වන්නකු Tuesday, 01 October 2024 06:07 AM

පමා වෙලා හරි තේරුණා නං ලොකු දෙයක්. ඇමරිකන් ලොක්කටත් කියන්න ඔය පණිවුඩය.

:       0       1

බෝම්බ ධර්මේ Tuesday, 01 October 2024 06:56 AM

ඊශ්‍රායලයට රොකට් එවන හමාස්, හිස්බුල්ලා, හූති කණ්ඩායම්, පව්නේද? ඒ අය ඊශ්‍රායලයේ හඳ කියලා හිතන් ඇත්තේ, හරි පව් නේද? ඊශ්‍රායලය හඳ නෙවේ කියලා කවුරුවත් ඒ අයට කියලා දෙන්නෙත් නෑ, හරිම පව් නේද?

:       1       1

හිස් බල්ලා Tuesday, 01 October 2024 07:56 AM

එතකොට ඔක්තෝබර් 8 වෙනිදා ඉදලා මේ වෙනකම් ඊශ්‍රායලයට පහරදීපු , මිනිසුන් 1000කට වඩා මරපු ත්‍රස්තවාදීයා නිකම්ම නිකං අහිංසක හාවෙක් වෙන්නැති.

:       1       1

ගුණරත්න Tuesday, 01 October 2024 08:04 AM

ඒත් අගමැතිතුමා දන්නවාද ලෙබනන් වල ඉඳලා දවසකට රොකට් දාස් ගාණක් ඊශ්‍රායලයට ගහනවා කියලා. එකක් දෙකක් නෙවෙයි දාස් ගාණක්. එහෙම ගහද්දී ආපහු ගහන්නේ නැතිව ඉවසන් ඉන්න එකේ සීමාවක් තියෙනවා...

:       1       0

Pradeep Kumara Tuesday, 01 October 2024 08:19 AM

බෙල්ජියමටත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුනොත් ඔය අයටත් තේරෙයි ත්‍රස්තවාදීන් යනු කවුරුදැයි කියා. ඇමරිකාවත් ඔවුන්ට ගුවන් ප්‍රහාර එල්ලවන තුරුම හිටියේ ඔය වගේ මතයක තමයි. තුවාලේ තියන එකා තමයි දන්නේ ඒකෙ අමාරුව.

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1525 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 485 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site