IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඊශ්‍රායලය වෙනුවෙන් හිට ගන්නවා

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානයේ අනුග්‍රහය ලැබෙන හවුති, හමාස් සහ හිස්බුල්ලා සංවිධාන වලින් මෙන්ම ඉරානයෙන් එල්ල වන වෙනත් ඕනෑම තර්ජනයකින් ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට ඇමෙරිකාව කැපවී සිටින බව ඇමෙරිකා ජනධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමඟ පැවැති දුරකතන සංවාදයකදී ප්‍රකාශ කළ බව ධවල මන්දිරය නිල නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.

බැලිස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානාවලින් ඊශ්‍රායලයට එල්ල විය හැකි තර්ජනවලට මුහුණ දෙන ආකාරය පිළිබඳ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එම දුරකතන සංවාදයේදී පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් වී ඇති බවත් එහිදී ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා ඇමෙරිකානු හමුදා කණ්ඩ යෙදවීම පිළිබඳවද සාකච්ඡාවී ඇති බවත් ධවල මන්දිරය ප්‍රකාශ කළේය.

එසේම එම දුරකතන සංවාදයේදී ඊශ්‍රායල දේශසීමාවන්හි ඇති වී තිබෙන ගැටුම්කාරී තත්වය අවම කිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳවද සාකච්ඡා කර ඇතැයි ධවල මන්දිරය පැවැසුවේය.

මෙම දුරකතන සංවාදයට ඇමෙරිකා උප ජනාධිපතිනි කමලා හැරිස්ද සහභාගී වී ඇති බව ධවල මන්දිරය ප්‍රකාශ කළේය.

 



අදහස් (8)

ඊශ්‍රායලය වෙනුවෙන් හිට ගන්නවා

Lanka Friday, 02 August 2024 02:15 PM

ඉස්සෙල්ලා හරියට කෙලින් හිටගන්න

:       18       36

Max Friday, 02 August 2024 02:35 PM

එයා ඇදේට හරි ඉඳගෙන රට වෙනුවෙන් හරිදේ කරනවා

:       18       32

Max Friday, 02 August 2024 02:36 PM

එයා ඇදේට හරි ඉඳගෙන රට වෙනුවෙන් හරිදේ කරනවා

:       21       22

Viraj Ekanayaka Friday, 02 August 2024 04:05 PM

මුස්ලිම් ත්‍රස්තවාදීන්ට එරෙහිව මෙහෙම හරි ඉන්න එක කොච්චර ලොකු දෙයක්ද?

:       13       25

Rohana Friday, 02 August 2024 05:13 PM

බයිඩන් කරන්නේ ලෝකයේ යුදගිනි ඇවිලවීමට උදව්කිරීමයි. ඒක නිසා මේ විනාශකාරී වැඩ පිළිවෙල නතර කිරීමට බලගතු සංවිධානයක මැදිහත්වීම අවශ්‍යයි.

:       21       20

Dasa P Friday, 02 August 2024 06:38 PM

ඔය වයසට ඔය හිටගැනිල්ල හොඳටම ඇති... තමුන්ගේ පුතාලාව රැකගන්නේ නැතිව රට ගැන හිතලා කමලාට දීලා අයින් වෙනවා. ආයුබෝවන් මිස්ටර් බයිඩන්...! 

:       0       0

Bunny Preena Saturday, 03 August 2024 09:36 AM

හිතාගෙන ඉන්නවාට වඩා ඔබතුමා වාඩිවෙලා හිටියොත් ඇඟට ගුණයි. නැතිනම් ඔබතුමා කොයි මොහොතක හරි බිමට වැටිලා ඔලුව තුවාල කරලා ගනීවි.

:       1       0

fairoos Saturday, 03 August 2024 11:51 AM

ලෝකයේ හැමතැනම යුද්ධ තිබ්බත් ඇමෙරිකාවේ සහාය අනිවාර්යයෙන්ම...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site