(අංජුල මහික වීරරත්න)
ඊශ්‍රායලයේ දී විපතට පත් ශ්‍රී ලාංකිකයන්ට පිහිට පතා ඇමතීම සඳහා දුරකථන අංක සහ විද්‍යුත් තැපෑලක් විවෘත කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
(+94) 117966396 දුරකථන අංකයට ද (+94) 767463391 වට්ස්ඇප් දුරකථන අංකයට අමතා හෝ [email protected] විද්‍යුත් තැපෑලට පනිවිඩයක් යොමු කොට ශ්‍රී ලාංකිකයන්ට සහාය පැතීමට අවස්ථාව තිබෙන බව ජනාධිපති කාර්යාලය කියයි.
ඊශ්‍රායලයේ සිදු වූ ප්‍රහාරවලින් විපතට පත් සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා අවශ්‍ය සහන සැලසීමට කටයුතු සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම වැඩ කරන්නේ ඊශ්‍රායලයේ... මොන අංක දුන්නත් අපි ලංකාවට එන්නේ නැහැ. මෙහෙම ඉන්නවා මේ මිනිස්සු විපතේදී අපිව තනි කළේ නැහැ. අපේ ආරක්ෂාව දුන්නා. අපිට මතකයි කෝවිඩ් කාලේ වහාම ප්‍රභූ ඇමැති පුත්තුන්ව රටට ගෙන්නගෙන දුප්පත් අපට ගුවන් තොටුපල වහලා දැමූ හැටි...