
(විමුක්ති එස් රුද්‍රිගු)
පසුගිය ඔක්තෝබර් මස 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරයත් සමඟ ඇරඹි ඊශ්‍රායල යුද්ධයෙන් දරුණු බලපෑමක් එල්ල වී ඇති එරට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට ශ්‍රී ලාංකික සේවකයන් 10,000 ක් ගෙන්වා ගැනීමට අදාළ ගිවිසුමට ඉකුත්දා අත්සන් තැබූ බව ඊශ්‍රායලයේ ග්ලෝබ්ස් පුවත්පත වාර්තා කර ඇත.
ඊශ්‍රායල ස්වදේශ කටයුතු අමාත්‍ය මොෂේ අබෙල් සහ ශ්‍රී ලාංකික නියෝජිතවරයා අදාළ ගිවිසුමට එරට විදේශ කටයුතු අමාත්‍යංශයේදී මෙලෙස අත්සන් තැබූ බව එම පුවත්පත වාර්තා කළේය.මෙම ගිවිසුමට අනුව කෘෂි කාර්මික සේවා සඳහා වහාම ශ්‍රී ලාංකික සේවකයන් 10,000 ක් ගෙන්වා ගැනීමට ඊශ්‍රායලයට අවස්ථාව ලැබෙන බව එම පුවත්පත පෙන්වා දී තිබේ.
ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් කෘෂි කර්මාන්තයේ නියැලි සේවකයන් 8000 ක් පමණ ඊශ්‍රායලය හැර දමා ගොස් ඇති බවත් තවත් කෘෂි කර්මාන්තයේ නියැලි පලස්තීන සේවකයන් 20,000කට පමණ ඊශ්‍රායලයට ඇතුළු වීම තහනම් කර ඇති බවත් ඒ හේතුවෙන් ඊශ්‍රායලයේ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ දරුණු සේවක හිඟයක් ඇති වී තිබෙන බවත් ග්ලෝබ්ස් පුවත්පත වාර්තා කර ඇත.
පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිදු වූ ප්‍රහාරයේදී විදේශීය සේවකයන් දුසිම් ගණනක් හමාස් සටන්කාමීන් මරා දැමූ බවත් තවත් පිරිසක් ප්‍රාණ ඇපයට ගත් බවත් එම පුවත්පත පෙන්වා දී තිබේ.
දෙරට අතර එළඹී ගිවිසුමට අනුව එළඹෙන සති කිහිපයේදී ශ්‍රී ලාංකික සේවකයන් ඊශ්‍රායලයට පැමිණෙනු ඇතැයි එම පුවත්පත වාර්තා කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියෝජිතයා කවුද. ලංකාව වෙනුවෙන් මේ ගිවිසුම අත්සන් කරන්න බලය දුන්නේ කවුද. එයා අපේ මිනිස්සුන්ගේ වගකීම ගන්නවාද?
ඕක ඉතින් ඒජන්සි කරයො හරහා යවන්න ගියොත් 1000 ක් වත් යවා ගන්න බැරිවෙනවා.. ඔවුන් ගසා කන සල්ලිවල හැටියට කාටද ගෙවන්න පුළුවන්...?
කොහේ මැරෙන එකද හොඳ කියලා හිතමින් ඉන්න මම. මෙහෙ දී දිනපතා නොමැරී මැරෙනවට වඩා ඊශ්‍රායලයේදී එකපාර මැරිලා යන එක හොඳයි වගේ....
එහේ යන එක සැපයි... මෙහේ හිටියොත් කන්න නැතුව මැරෙන්නේ. එරට ජනතා ඊශ්‍රායෙලයේ රජය විස්වාස කරන්න පුළුවන්. ඒකට ලංකාව... !
යුද්ධයක් මැද සේවය කරනකොට ඩබල් ගෙවන්න ඕනෑ. නැතිනම් මිනිස්සුන්ට භාගයක් ගෙවලා ඉතිරි ටික ආණ්ඩුවට එවනවද? මේ අර අපේ රාළහාමි කියන විදිහේ මොල 07 වැඩක් වෙන්න ඇති...?
යුද ගින්න ඉවර වුණාට පස්සේ ඕන දෙයක්... අහිංසක මිනිසුන් ගින්න මැදට විසිකරලා කොමිස් සාක්කුවේ දාගන්න එපා.
ඒ පැත්තේ හිටපු ලංකාවේ අය යුද්ධයට අහුවෙලා මැරිලා පෙට්ටිවල ආපහු එද්දී තව අය එහෙට යවන්න මේ අයට පිස්සුද?
කාලකණ්ණි තමයි ඔය තහනම් රටට යන්නේ... අනුන්ගේ රටක් අල්ලගෙන ඒ රටේ මිනිස්සුන්ව මරණ ම්ලේච්ඡ රටකට කොහොම යනවද?
වෙන රටවලින් තමන්ගෙ මිනිස්සු ගෙන්නගන්න බලනව. අපේ ලොක්කො මිනිස්සු එහෙට යවන්න බලනව. දැන් පේනව නේද වෙනස. ලොක්කන්ගෙ අපේ මිනිසුන්ට තියෙන ආදරය.
අනුර කුමාර මොනවා කියයිද දන්නේ නෑ...