(යොහාන් භාසුර)
ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා ලොතරැයි ක්‍රමයට අනිවාර්යෙන්ම තෝරා දිය හැකි බව පවසා වංචනික ලෙස මුදල් අයකරන පිරිසක් පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි එම කාර්යංශය පවසයි.
ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා ලොතරැයි ක්‍රමයට අනුව තෝරාගත් ශ්‍රී ලාංකිකයින්ට ඒ බව දැනුම් දීමට පෙර ඊශ්‍රායලයේ සහ මෙරට සිටින සංවිධානාත්මක වංචාකාරීන් පිරිසක් රැකියා සඳහා තේරී සිටින පුද්ගලයින්ගේ දුරකථන අංක උපක්‍රමශීලි ලෙස ලබාගෙන ඇමතුම් ලබාදෙන බවත් ඊශ්‍රායල් රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් බඳවා ගනු ලබන්නේ සාත්තු සේවා සඳහා පමණක් බවත් එම කාර්යංශය කියයි.
සුදුසුකම්ලත් සාත්තු සේවා රැකියා ලාභීන් ඊශ්‍රායලයේදී ලොතරැයි ක්‍රමයකට තෝරා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට පෞද්ගලිකව මැදිහත් වීමට හෝ බලපෑම් කිරීමට කිසිසේත් හැකියාවක් නොමැති බව කී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒ අනුව වයස අවුරුදු 25 ත් 45 ත් අතර ගැහැණු පිරිමි දෙපාර්ශවයටම රැකියා අවස්ථා ඇති බව ද සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
ඊශ්‍රායල සාත්තු සේවා රැකියා පෙන්වා මුදල් වංචාවක්