(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ගුවන් ප්‍රහාර දැඩි කිරීමෙන් පසුව ගතවූ පැය 24 ක කාලය තුළ පලස්තීන වැසියන් 400 දෙනෙකු මියගොස් ඇත.
මධ්‍යම ගසා තීරයේ අල් රෝහලට එම ප්‍රහාර වලින් පසුව ගෙන තුවාල ලැබූවන්ගෙන් සියයට 65 ක් දරුවන් බව එම රෝහල් බලධාරීහු ප්‍රකාශ කළහ.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් අද (23) දහවල් වනවිට පලස්තීනුවන් 4785 කට වැඩි පිරිසක් මියගොස් තවත් 14245 ක් තුවාල ලබා තිබූ බව පලස්තීන බලධාරීහු පෙන්වා දුන්හ.
හමාස් ප්‍රහාර හේතුවෙන් අද (23) වනවිට ඊශ්‍රායල 1405 දෙනෙකු මියගොස් තවත් 5431 දෙනෙකු තුවාල ලබා තිබිණ.
ඒ අනුව දෙපාර්ශවයේම මිය ගිය සංඛ්‍යාව අද (23)දහවල් කාලය වන විට 6200ට ආසන්න විය.
මේ වන විට ඊශ්‍රයල හමුදාවන් ලෙබනනයාට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වෙමින් සිටි ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට අයත් ස්ථාන දෙකකට අද (23) හමුදාවන් සාර්ථකව ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කළේය.
මේ වන විට ගාසා තීරයේ වෙසෙන පලස්තීන ජනතාව ඉතාමත් අසරණ වී ඇති බවත් ඔවුන්ට ලැබෙන ආධාර තවමත් ප්‍රමාණවත් නොවන බවත් පලස්තීන බලධාරීන් පවසා ඇත.පලස්තීන ජනතාවට සහාය වීම සඳහා උතුරු ගසා තීරයේ පිහිටුවා ඇති ඉන්දුනීසියානු රෝහල් සඳහා අවශ්‍ය ඉන්ධන ඉතා ඉක්මණින් නොලැබුණහොත් එම රෝහල් වල සිටින වෛද්‍යවරුන් කරන ශල්‍යකර්ම නැවත්වීමට සිදුවනු ඇතැයි පලස්තීන බලධාරීන් පෙන්වා දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
146
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊශ්‍රායල ප්‍රහාරවලින් පැය 24ට 400ක් මරුට