IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඊශ්‍රායල් අගමැතිගෙන් හදිසි එක්සත් රජයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායල සහ පලස්තීන හමාස් ඉස්ලාමීය සටන්කාමීන් අතර ආරම්භ වී ඇති යුද්ධයේ අවසානයක් දැකීම සඳහා එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ මධ්‍යවාදී විපක්ෂ නායක බෙනී ගාන්ට්ස් හදිසි එක්සත් රජයක් පිහිටුවීමට එකඟ වී ඇත.

ඒ අනුව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, බෙනී ගාන්ට්ස් සහ ආරක්ෂක අමාත්‍ය යොඇව් ගලාන්ට්ගෙන් සමන්විත යුද කැබිනට්ටුවක් පිහිටුවීමට එකඟ වූ බව බෙනී ගාන්ට්ස්ගේ ජාතික සමගි පක්ෂය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

එම කැබිනට්ටුව මගින් හමාස් සංවිධානයට එරෙහි යුද්ධයට අදාළ තීරණ පමණක් ගනු ඇති බවත් ඉන් පිටත කිසිඳු තීරණයක් නොගනු ඇති බවත් එම ප්‍රකාශයේ දැක්වේ.

බෙනී ගාන්ට්ස් දේශපාලනඥයෙකු මෙන්ම හිටපු ආරක්ෂක ප්‍රධානියෙකුද වේ.

 



අදහස් (9)

ඊශ්‍රායල් අගමැතිගෙන් හදිසි එක්සත් රජයක්

G. K. Ekanayake Wednesday, 11 October 2023 11:46 PM

මොන තරම් ආදර්ශයක් ද. ලංකාවේ එහෙම වෙන්නේ නෑ කවදාවත්.

:       1       19

UAE api Thursday, 12 October 2023 10:45 AM

දැන් තියෙන්නේ එහෙම එකක්... නමුත් එය බෙදාගෙන කන එකක් හොරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්...!

:       1       0

chandima Thursday, 12 October 2023 03:27 AM

එහෙ එහෙමයි .මෙහෙ ජනතාව එපා කියපුවාම ඔලු මාරු කරලා රූකඩයක් දාගෙන කොහොමද ආණ්ඩුව ගෙනියනවා .පුතානෝ වෙනමම උඩ පනිනවා .වීරවංශලා වෙනමම රජවෙන්න හදනවා .රතු මල්ලිලා වෙනමම රජවෙන්න දඟලනවා .අන්න එතනයි වෙනස

:       1       13

මැක්ස් Thursday, 12 October 2023 06:15 AM

ජවිපෙ, යූඇන්පී වැනි ලංකාවෙ දේශපාලන පක්ෂ මෙවැනි තීරණාත්මක අවස්ථායලදි ක්‍රියා කරන පාහර අවස්ථාවාදී විලාසයට වඩා මේ මිනිස්සු කෙතරම් පරිණත ද!

:       12       14

ලපයා Thursday, 12 October 2023 07:53 AM

අපේ රටේ නම් මෙවෙනි වෙලාවට එකි නෙකා බෙදෙනවා. දෙෂපාලන වාසි වලට රාජ්‍ය නොවන සංවිධාන වල අවශ්‍යතා වලට . සල්ලි වලට . වෙනස එතනයි.

:       2       12

Rosa Thursday, 12 October 2023 09:57 AM

මැක්ස් .., ඔබට තේරෙන ඔය ඇත්ත, තව කී දෙනාටද තේරෙන්නේ...,

:       7       8

චන්දන Thursday, 12 October 2023 09:58 AM

යුද්ධය සාධාරනීකරණය කරනව නෙවෙයි. තම රටට යම් විපතක් ළඟා වූ විට එක්සත්ව එකමුතුව වැඩ කරන හැටි ගැන දුන් හෙඳ ආදර්ශයක්. ලංකාවෙ අය පහුගිය යුද සමයේ හැසිරුනු හැටි නින්දිතයි කියන එක දැන්වත් තේරෙනවද? අදටත් ඒ නින්දිත හැසිරීම ඉවර නැහැ. ඊශ්‍රායල් අගමැති හරිද වැරදිද කියල එරට විපක්ෂය තර්ක කරන්නෙ නැහැ. මානව හිමිකම් ගැන කවුරුත් කතා කරන්නෙ නැහැ. අපේ අය දැන්වත් රට ගැන හිතුවොත් හොඳයි. මෙයාල ගෙන් පාඩම් ඉගෙන ගෙන.

:       1       8

wedage Thursday, 12 October 2023 10:14 AM

මේ යුද්ධය සුදු අධිරාජ්‍යවාදීන් විසින් මහජනතාව කරපිට පටවන්න ලද එකකි

:       6       1

Bamunuarachchi Thursday, 12 October 2023 09:56 PM

මේක තමයි ක්‍රමය සතුරාට පහර දෙන්න රටතුළ තිබෙන පක්ෂ විපක්ෂ මෙන්ම ජාතිය එකතු විය යුතුයි... අපේ රටේ කෙරෙන්නේ විපක්ෂය සතුරා සමග එකතු වී අපේ හමුදා යුද්ධ අපරාධ කළ බව කීමයි.. නැතිනම් ජාතිය දෙකඩ වී කොටසක්‌ සතුරාගේ ගුණ වැයීමයි. මුස්ලිම් කාරයින්ගේ ගුණ කියන සිංහලයෝ එමටයි...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site