ඉරාන රජය දැඩි ලෙස විවේචනය කරමින්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඉරාන වැසියන් ආමන්ත්‍රණය කරමින් විශේෂ වීඩියෝ පණිවුඩයක් නිකුත් කළේය.
අතීතයේ ඉරානය හැඳින්වූයේ පර්සියාව යනුවෙනි. අග්‍රාමාත්‍ය නෙදන්යාහු ඉරාන වැසියන් ආමන්ත්‍රණය කළේ ඉංග්‍රීසි බසිනි. ඊට අමතරව අග්‍රාමාත්‍යවරයා පැවැසූ දේ, පර්සියානු බසින් උපසිරැසි ගැන්වීමක් ද කර තිබුණි.
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ප්‍රමුඛ ඉරාන රෙජීමය, කලාපීය වශයෙන් ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවටත්, ඉරාන වැසියන්ගේ යහපත ගැන නොසිතා ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන බවටත් එම වීඩියෝ පණිවුඩය හරහා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා චෝදනා නැගුවේය. අග්‍රාමාත්‍ය නෙදන්යාහු ඉරාන වැසියන් ආමන්ත්‍රණය කළේ පර්සියානුවන් යනුවෙනි.
“අතීතයේ ඊශ්‍රායල යුදෙව්වන් සහ ශ්‍රේෂ්ඨ පර්සියානුවන් අතරේ යහපත් සබඳතා පැවැතුණා. සමීප මිත්‍රත්වයක් පැවැතුණා. එකිනෙකා කෙරෙහි ගෞරවයක් පැවැතුණා. ඒ සියල්ල වෙනස් කරමින් ඊශ්‍රායලයට වෛර කිරීමට උගැන්නුවේ ඉරාන පාලකයන්. ඔබේ පාලකයන් ඔබ විනාශය කරා ගෙන යනවා. ඒත්, ඉතාමත් ඉක්මනින් ඒ අවසන් වේවි.” යැයි අග්‍රාමාත්‍ය නෙදන්යාහුගේ පණිවුඩයේ සඳහන් විය.
“ඔබ දරිද්‍රතාවයෙන් මිරිකිලා. ආර්ථික ගැටලුවලින් හෙම්බත් වෙලා. ඔබට ප්‍රමාණවත් යටතල පහසුකම් ඇත්තේ නැහැ. බොන්න පිරිසුදු වතුර නැහැ. ඔබේ ජීවන තත්ත්වයේ උසස් වීමක් ඇත්තේ නැහැ. ඔබේ රජය ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දෙනවා. තමන්ගේ රට වැසියන් ගැන තැනීමක් නැහැ. ඒත් ඉක්මනින් ඒ දේවල් වෙනස් වේවි. පර්සියන් වැසියන් යළි සමෘද්ධිය කරා යාවි. ගෝලීය ආයෝජන ඇති කර ගැනීමට හැකි වේවි. සංචාරක කටයුතු දියුණු වේවි. සමාජීය වශයෙන් ඉරාන වැසියන් දියුණු වේවි. සියල්ල ඉක්මනින් වෙනස් වේවි. ඉරාන වැසියන්ට ඉක්මනින්ම නිදහස හිමිව්වි.” යැයි අග්‍රාමාත්‍ය නෙදන්යාහු එම වීඩියෝ පණිවුඩයෙන් අවධාරණය කළේය.
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමටත්, ඉරාන ඉස්ලාමීය රෙජීමයේ නායකයන් එකිනෙකා ඝාතනය කිරීමටත් ඊශ්‍රායලය සූදානමින් සිටී. ඉරාන මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ආරක්ෂිත ස්ථානයකට යොමු කර ඇති බවය.
ඊශ්‍රායලය, මේ වනවිට ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සමඟ ගැටෙයි. ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ලෙබනනයට ගුවන් ප්‍රහාර එල්ල කරයි. පසුගිය දා එසේ එල්ල කළ ප්‍රහාරයකින්, ලෙබනනයේ බීරූට් අගනුවර, බංකරයක සැඟවී සිටි ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඝාතනය කෙරුණි.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ටත්, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ටත් මුදල් ආධාර, අවි ආයුධ, අවි පුහුණුව ලබා දෙන්නේ ෂියා මුස්ලිම් ඉරානයයි. ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව යන අතරතුරේ, ඊශ්‍රායලය සූදානම් වන්නේ ඉරානයට පහර දීමටය.
(ඒ.එෆ්.පී.)
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වඳය ලබා දිමෙි සිද්ධියට සම්බන්ද තවත් ජේෂ්ඨ සිසුන් 04කු අද (05) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පවසයි.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී මියගිය රැදවියා බන්ධනාගර රෝහලේ රදවා සිටියදී ඔහුගේ කළහකාරී හැසිරීම හේතුවෙන් අනෙක් රැදවියන්ගේ යම් පහර කෑමකට ලක්ව ඇති බවට
කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (6) පෙරවරු 9.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් ක්‍රියාත්මක වන බව එම වෙළෙඳපොළ පවසයි.
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාලව අවබෝධතා ගිවිසුම් 4ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම්
මගියෙකුට ටිකට් පතක් ලබා නොදී මුදල් ලබා ගැනීමෙන් සේවය අහිමි වූ බස් කොන්දොස්තරවරයෙකුට යළි රැකියාව ලබාදීමේ ලිපිය නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ල
මෙරටින් චිකන් ගුන්යා ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඊශ්‍රායල අගමැති ඉරාන වැසියන් අමතයි
charith Tuesday, 01 October 2024 10:24 AM
ලෝගුවෙන් වහන් ඔක්කොම ජරා වෑඩ ටික ගරරාමෙට කරනව..නෙතනියාහු ඇතතම කිව්ව මොනව උනත්....සිරි ලන්කාවටත් ඔය ටික තමයි කියන්න වෙන්නෙ
කිරිහාමි Tuesday, 01 October 2024 10:43 AM
ඉරානය ඉස්සර තිබුණෙ කොහොමද, මිනිස්සු මොන විදිහටද හැසිරුණේ, මොන විදිහෙ ඇඳුම් පැළදුම්ද ජනප්‍රිය වෙලා තිබුණෙ කියල පොඩි අවබෝධයක් ගන්න 1979 ට කලින් ගත්ත ඡායාරූප, වීඩියෝ යූටියුබ් එකෙන් බලන්න පුළුවන්. හුඟක් අයට පුදුම හිතෙයි.