
(අංජුල මහික වීරරත්න)
ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධානී ඊලෝන් මස්ක් වැනි ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගේ ආයෝජන කැඳවා ගැනීමට හැකි වුවහොත් එය මෙරට ආර්ථීකයේ සංවර්ධනයට විශාල දායකත්වයක් වන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
“Starlink” වැනි ව්‍යාපෘතියකට සම්බන්ධ වීම හරහා මෙරට අන්තර්ජාල පහසුකම දුර්වල ප්‍රදේශවලට ද ගැටළුවකින් තොරව අන්තර්ජාල පහසුකම් ලබාදීමට හැකිවන බවත් එය සංචාරක කර්මාන්තය ඇතුළු ආර්ථිකයට වැඩදායී ක්ෂේත්‍ර රැසක වර්ධනයට රුකුලක් වන බවත් විජයවර්ධන මහතා පෙන්වා දුන්නේය.
දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
"10 වන ලෝක ජල සමුළුව “World Water Forum” පසුගිය 18 වනදා සිට 20 වනදා දක්වා ඉන්දුනීසියාවේ බාලි දූපතේ දී පැවැත්වුණා. ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo)මහතාගේ නිල ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිසක් ඊට සහභාගී වුණා. එම සංචාරයේ දී ජනාධිපතිවරයා සහ ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධානී ඊලෝන් මස්ක් මහතා අතර විශේෂ හමුවක් පැවැත්වුණා.
එහිදී “Starlink” ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එම ව්‍යාපෘතිය ලංකාවේ ආරම්භ කිරීමට නම් ඒ සඳහා ජනාධිපතිවරයාගේ සහාය අවශ්‍ය බව එහිදී ඊලෝන් මස්ක් මහතා පැවසුවා. එවැනි ව්‍යාපෘතියක් ලංකාවේ ආරම්භ කිරීමට අවශ්‍ය උපරිම සහය ලබාදෙන බව ජනාධිපතිවරයා සඳහන් කළා" යනුවෙන් ද විජයවර්ධන මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවෙන් රටට වෙච්චි රුකුල කියන්න වචන නෑ. මේ පාර නම් 2048 වෙනකම් ඉන්න ඕන නෑ රට දියුණු වෙයි මේම මේම...
ඊලෝන් මස්ක් එයි...
තොපි වගේ හොරු ඉද්දි හොරකම් කරන කිසි මනුස්සකමක් නැති රජයේ සේවකයෙක් ඉද්දි මස්ක් එයිද?
හ්ම් ඔව්.. දැන් බලන්න අර වොක්ස්වැගන් සමාගම කුලියාපිටියේ ඇවිල්ලා රටේ ආර්ථිකයට මොන තරම් රුකුලක් වුනාද කියලා
වොක්ස්වැගන් පාට් 2. ඉතිං අපි අයිමත් රැවටෙමු....
ඩොලරය රුපියලට බහී නේ. ලංකාව විකුණන්න වත් ප්ලෑන් එකක් තියෙනවා ද දන්නේ නැහැ නේ
ඡන්දේද දාන පෝසට්... එච්චරයි දැන් අඩුවට තිබ්බේ..
පිං ජනාධිපති අවුරුදු 40 ක් ලංකාවට කොරපු හරිය මස්ක් දන්නවනම් ඇමරිකාවෙ ඉන්නෙත් නැතුව පැනල වෙන රටකට ගිහින් බිංගේක හැංගෙනවා
ඉලොන් මස්ක්ක්... අපි කියන්නේ නැ
රට දියුණු කිරිමඋදෙසා මොන ව්‍යාපාරයක් වෙනුවෙන් රජය හෝ උසස් රජයේ නිලධාරීන් යෝජනා කලත් ඒවාට සමච්චල් කරනවා ඒ කඩාකප්පල් කිරිමට ඇතැම් ගොබ්බයන් සිටින අවාසනාවන්ත රටකි
ලක්මාල්, ඔය අලුත් මාස්ක් ජාතියක් ගැනද මුන්නැහැ මේ කියන්නෙ?
අනේ ඔය ටයි කෝට ගහල ජාත්‍යන්තර සමුළුවලට ගියහම ලොකු ලොකු කට්ටිය හම්බවෙලා අතට අත දීල ,ඉංග්‍රීසියෙන් කතාකරල,පොටෝ ගහල අරක ගැන සාකච්ඡා කලා ,අරක දෙනව කිව්ව මේක දෙනව කිව්ව, ඔය වගේ කතා අහල අප්පිරියයි, වෙච්ච දෙයක් නැහැ, දෙගොල්ලන්ම දන්නවා.
අනේ .මචං මේ නිකරුනේ වචන නාස්ති කරන්න එපා. උඹලට ඡන්දයක් ලංවෙන කොට සත්ව කරුණාව දිව්‍ය ඥානය ඔය ආදී හැමදෙයක් පලවෙනවා. ඒ වුණාට දැන් අපේ අං තට්ටු හැලිලා.
ලංකාවේ හැමදේම කඩාකප්පල් කරන මාලිමා මස්කාරයෝ ඉන්නකන් ඉලෝන් මස්ක්ලා එයිද? පේනවනේ දාලා තියෙන කොමන්ට්ස් මස්ක්ලා. මේ රට සැබෑවටම සංවර්ධනය කරන්න ඕනේ නම් ඔය මාලිමා මස්කාරයන්ව බැඳ දාන්න කරුණාකරලා.
ෆොක්ස්වාගන්, ගූගල් ලූන්, ෆ්‍රී වයි-ෆයි......මිනිස්සු මැරිලා ඉපදිලා නෑ මහත්තයෝ!!!
වොක්වැගන් කොම්පැනියත් ආවානේද? ඒ කොම්පැනිය කොහෙද තිබෙන්නේ? ඊලොන් මස්ක් දකින්න ඇති අපේ ගොයියා පැනල හව් ඩූ යු ඩූ, නැතිනම් යු ඩු ගුඩු ගුඩු කියන්න ඇති මෙහෙ ඇවිත් පොර ටෝක් දෙනවා.
එතකොට රුවන් උඹට පඩි ගෙවන්නෙ ඊලොන් මස්ක් ද අපිද?