
(විමුක්ති එස් රුද්‍රිගු)
නුදුරු අනාගතයේදී අඟහරු ග්‍රහලොවේ මිනිස් ජනපදයක් පිහිටුවීමේ සැලැස්ම බිලියනපති ඊලෝන් මස්ක් නැවත වරක් ලොවට හෙළි කර ඇත.පෘතුවි වැසියන් මිලියනයක් අඟහරු ලෝකය වෙත ගෙන යාමේ සැලැස්ම ස්පේස් එක්ස් සමාගම නිර්මාණය කරමින් සිටින බව ඔහු එක්ස් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පැවැසුවේය.
එම මිලියනයක ජනතාවට ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අඟහරු ලොව තුළ ස්වයංපෝෂිත පාරිසරික පද්ධතිය බිහි කිරීමට අදහස් කරන බවට ඔහු ඉඟියක් ලබා දුන්නේය.එවිට පෘතුවියෙන් සැපයුම් යානා අඟහරු ලොවට නොපැමිණියද එහි වාසය කරන ජනතාවට කරදරයකින් තොරව ජීවත් විය හැකි බව ඊලෝන් මස්ක් ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඟහරුවල ගම් හදන්න හිතන මිනිහෙක්ද මේ ලෝකේ මහධනවතා උනේ? එහෙනම් දෙවියන්ටත් වරදිනවා කියන එක තහවුරු වෙනවා. යකෝ මේලෝකේ දුප්පත් ගමක් තෝරාගෙන හදපන්කෝ. අඩුම ගණනේ මිනිස්සු සතුටින් ජීවත් වෙනවා දැකලා සතුටු වෙන්න පුළුවන්. මෝඩය
අපේ චිචි බේබිගෙන් උපදෙස් ගත්තානම් මෙලහකට ප්ලුටො වලත් ජනපද හදලා. කොහෙද මෙ ඇමරිකන් කාරයොන්ට, හෙලයන්ගෙ අගෙ තෙරෙන්නෙ නැහැ නෙ.