(සිතුම් චතුරංග)

ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී (ඊපීඩිපී) පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තුමන්ත්‍රීවරයකු ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසක් වවුනියාව ,වෛරවපුලියංකුලම යං ස්ටාර් ක්‍රීඩාංගනය අසලදී තරුණයින් පිරිසකට පහරදීමත් සමඟ එම තරුණයින් හා මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් අතර දැඩි නොසන්සුන්කාරී තත්වයක් උද්ගතවූ බව ප්‍රදේශවාසීහු පවසති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පුත්‍රයාගේ මිතුරකු සහ තවත් අයකු අතර ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් මැදිවී ඇති මන්ත්‍රීවරයා ආධාරකරුවන් හා එක්ව තරුණයන් පිරිසට පහරදී ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කරති.

ක්‍රීඩා කිරීමේදී දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීමකට මැදිවී ඇති මන්ත්‍රීවරයාගේ පුත්‍රයා පසුව ආරවුල සම්බන්ධයෙන් පියාට කතාකොට පිරිසක්ද ගෙන්වා ක්‍රීඩාංගනයේ සිටි පිරිසට පහරදීම සිදුකොට ඇති බව සිද්ධියට මුහුණදුන් තරුණයින් පවසති.

මන්ත්‍රීවරයා විසින් තරුණයන්ට පහරදෙන ආකාරය පිළිබඳ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යතුල සංසරණය වන අතර එහිදී මන්ත්‍රීවරයා තරුණයන් කිහිපදෙනකුට පහරදෙන ආකාරය හා තරුණයන් විරෝධය දක්වන අයුරු දැක්වේ.