(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් මූල්‍යායතනයක් පවත්වාගෙන ගොස් එමගින් මුදල් විශුද්ධීකරණය කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරුන් සිව් දෙනා ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය වන ජීවක හේමාල් එදිරිසිංහ, දීපා අංජලී එදිරිසිංහ, නාලක ප්‍රේමාල් එදිරිසිංහ සහ අසංක ශ්‍රීමාල් එදිරිසිංහ යන අවයලුන්ය.
මෙම සැකකරුවන් සිව් දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා (16) සවස් වරුවේදී නිතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව බව පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය පැවසුවාය.
මෙම සැකකරුවන් මුදල් විශුද්ධීකරණ පනත සහ මූල්‍ය ව්‍යාපාර පනතේ 65 වන වගන්තිය අනුව වරදවල් සිදුකර ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගත් බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සදහන් කළාය.
සීමාසහිත ඊ ටී අයි ෆිනෑන්ස් පුද්ගලික සමාගම සහ ස්වර්ණමහල් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අනාවරණ්‍ය නොකරන ලද ගිණුම් පවත්වාගෙ යමින් රුපියල් බිලියන 13කට අධික තැන්පතු නිති විරෝධී ලෙස ලග තබා ගැනීම මෙම සැකකරුවන් එම සමාගම් අධ්‍යක්ෂකවරුන් ලෙස සිටිමින් සිදුකර ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවාය.
තැන්පත්කරුවන්ගේ මුදල් 2012 වර්ෂයේ සිට එකවරම වර්ධනය වීම ඇති අතර එම මුදල් ලැබුණේ කෙසේද? ඒවා තැන්පත් කර තිබුණේ කුමන ගිණුම්වල ද යන්න සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව සදහන් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය, මේ වන විට ඇතැම් තැන්පත්කරුවන් කවුරුන්ද යන්න ද අනාවරණය වී නොමැති බවද පැවසුවාය.
සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා සදහන් කළේ 2018 ජනවාරි මස 02 වැනිදා ඊ ටී අයි සමාගම මහ බැංකුව යටතට පත්කළ බවත් ස්වර්ණවාහිනී ආයතනය වෙනත් අයකුට විකුණූ බවත්ය. ස්වර්ණවාහිණී ආයතනය විකිණීමෙන් ලද මුදල් තැන්පත්කරුවන් කිහිප දෙනකුගෙන් ලබා ගත් තැන්පතු වෙනුවෙන් ගෙවා දැමූ බවත් නිතීඥවරයා සදහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ලා මොන අධ්‍යක්ෂකලාද හලෝ? මොනවටද ඔහොම ජීවත් වෙලා..? ඒ මිනිස්සු කරන සාප කිරීම තවදා හෝ පටිසන් දෙනවා. තියෙන දේපළක් විකුණලා හරි ගෙවලා දාන්න. එතකොට ඔහොම පීචන් වෙන්න ඕනෑ නැත.
ඊ ටී අයි අධ්‍යක්ෂ "හොරුන්" ලෙස ශිර්ෂ පාඨය වෙනස්වූයේ නම් මොනතරම් සුන්දරද...? මොනතරම් අර්ථවත්ද...? මේ සෑම පුවතකින්ම ගම්‍ය වන්නේ ලංකාවේ සියලුම මාධ්‍යයන් දේශපාලුවන්ගෙන් ජරාව තොග වශයෙන් ගිලදමන බව නොවේද? නොඑසේ නම් ලංකාවේ සියලුම මාධ්‍යවේදීන් බියගුල්ලන් බව නොවේද? නීතියට අවනත නොවී තිරිසනුන් ලෙස හැසිරෙන එකදු අයෙකුගේ නම් ගම් පලකිරීමට අකමැතිවීම... නොඑසේ නම් එවන් පරයින්ට නම්බුනාම දී ආමන්ත්‍රණය කිරීමට හේතුව වනුයේ අප ඉහත සඳහන් කළ කරුණු දෙක බව තේරුම් ගැනුමට අට මෙන් පහද දැනගත යුතුමද?