(අංජුල මහික වීරරත්න)
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ දායකත්වයෙන් මුදල් මත වන ප්‍රතිලාභ පොලී අනුපාත තහවුරු කිරීමට හැකිවන පරිදි 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල සතු භාණ්ඩාගාර බැදුම්කර ප්‍රශස්තකරණයට ලක් වීම තුළින් එම අරමුදලේ සාමාජිකයන්ගේ විශ්‍රාමික ගෙවීම් හා ප්‍රතිලාභවලට බලපෑමක් නොවන අයුරින් එකී ගෙවීම් සහ ප්‍රතිලාභ තහවුරු කිරීමේ අවශ්‍යතාවය රජය හඳුනාගෙන තිබේ.
ඒ අනුව පසුගිය වසර පහක කාලයේ සේවක අර්ථසාධක අරමුදල සාමාජිකයන් සඳහා ගෙවනු ලබන වාර්ෂික පොලී ප්‍රතිශතය සැලකිල්ලට ගෙන 2023 සහ 2026 කාලය දක්වා ඉදිරි වසර 4ක කාලයේ දායකත්ව මුදල් මත හිමි වන වාර්ෂික පොලී අනුපාතය අවම වශයෙන් සියයට 9 විය යුතු බවට නියම කෙරෙන පරිදි එදා 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනතේ පනත සංශෝධනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා මුදල් අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඊ.පී.එෆ් පොලිය තහවුරු කරන්න කැබිනට් අනුමැතිය
Aravinda Monarawila Tuesday, 08 August 2023 01:54 PM
සියියට 26 28 වශයෙන් තියෙන පොලි අනුපාතය සියට නමයක් දක්වා අඩුකරලා බැදුම්කර වංචාවෙන් රටට උන පාඩුව පියවන්න හදන මහ දවල් මහ බැංකුව මංකොල්ල කෑව මහ හොර ඛල්ලිය පන්නා දැමිය යතුයි.