(අංජුල මහික වීරරත්න)

සේවක අර්ථ සාධක අරමුදලට කිසිඳු හානියක් සිදුවීමට  ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධව අනියත බියක් ඇති කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළ ද වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන එම අරමුදල ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බව ජනාධිපතිවරයා කීය.