(රෝෂන් තුෂාර)
රුපියල් මිලියන 47ක වැට් බදු නොගෙවූයේ යැයි චෝදනා ලත් ඊ.ඒ.පි හොල්ඩින්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ජීවක එදිරිසිංහ සැකකරු රුපියල් මිලියන පනහක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද(18) නියෝග කළේය.
ඊ.එ.පි හොල්ඩින් සමාගමේ අධ්‍යක්ෂකවරුන් හය දෙනෙකුට එරෙහිව නොගෙවා පැහැර හැරි හිඟ බදු අය කර ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරු නඩුවක් කැඳවූ අවස්ථාවේදී මෙම ඇපය නියම කෙරිණි.
අන්ජලී එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන සෙසු සැකකරුවන්ට අප්‍රේල් 22 දින අධිකරණයේ පෙනී සිටින ලෙසටද දන්වමින් මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළේය.
ඊ.එ.පි හොල්ඩින් සමාගම 2016,2017හා2018වසර වල කාර්තු තුනක් සඳහා බදු නොගෙවීමට එරෙහිව දෙශීය ආදායම් කොමසාරිස්වරයා මෙම නඩුව පවරා තිබූ අතර නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කොමිසම වෙනුවෙන් පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය අත තැබූ හැමතැනම වංචාව හා දූෂණය. අසරණ තැන්පතු කරුවන්ගේ.. රුපියල් කෝටි කීයකට විදින්න ඇතිද?
වැඩි පොලී ගන්න තණ්හාවට රජයේ බැංකු වල මුදල් නොදා දැන් හූල්ල හූල්ල ඉන්නවා.
ඒ උනාට රත්තරං වෑහෙනවා…!