(රංජිත් රාජපක්ෂ)
ඉහල කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට තව දුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද (03) දින අලුයම ස්වයක්රීයව විවෘත වී ඇති බව එම ජලාශභෘර ඉංජිනේරුවරුන් පැවසිය.
තවදුරටත් අධික වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස ආපදා කලමණාකරණ ඒකකය ඉල්ලා සිටියි.
ප්රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලි වල ජල ධාරිතාවද ඉහල ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර ගණනාවක් පුරා විවිධ රජයන් විසින් ගංගා නිම්න, ගං ඉවුරු සහ ඇළ මාර්ග ආශ්රිත අවිධිමත් ඉදිකිරීම්වලට ඉඩ දීම හෝ ඒවා නතර කිරීමට ප්රමාණවත් ක්රියාමාර්ග නොගැනීම අද අප මුහුණ දෙන ගංවතුර අවදානමට ප්රධාන හේතුවක් වී ඇත. දැන්වත් මෙම වැරදි ප්රතිපත්ති සහ තීරණ නිවැරදි කළ යුතු කාලයයි. වත්මන් රජය දේශපාලන බලපෑම්වලින් තොරව ගංගා නිම්න, ගං ඉවුරු සහ ඇළ මාර්ග ආශ්රිත අනවසර හා අනාරක්ෂිත ඉදිකිරීම් ක්රමානුකූලව ඉවත් කර, අනාගත අධික වර්ෂාපතනයට සරිලන ජල ගමන් මාර්ග (Water Corridors) ස්ථිරවම ආරක්ෂා කළ යුතුය. අද ගන්නා නිවැරදි තීරණ, ඉදිරි වසර 10–20 තුළ දේපළ හානි, මහජන මුදල් නාස්තිය සහ ආයෝජන අහිමි වීම වැළැක්වීමට කරන හොඳම ආයෝජනයයි.