(යොහාන් භාසුර)
දේශීය තැපැල් ගාස්තු ඉහළ නංවමින් රුපියල් 15 ක්ව පැවැති සාමාන්‍ය තැපැල් ගාස්තුව සියයට 233 කින් ඉහළ දමමින් රුපියල් 50 ක් බවට පත්කර තිබේ.
රුපියල් 30 ක්ව පැවැති ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල් 60 ක් දක්වා ද, රුපියල් 12 ක්ව පැවැති පුණ්‍යායතන සහ ස්වෙච්ඡා සංවිධානවල තැපැල් ගාස්තුව රුපියල් 30 ක් දක්වා ද, ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
මෙම ගාස්තු ඉහළ දැමීමත් සමඟ සියලුම දේශීය තැපැල් ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
තැපැල් ගාස්තු සංශෝධන ලේඛණය පහත දැක්වේ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු මිල සේම රාජ්‍ය ආයතන මගින් මිල ගණන් සහ ගාස්තු වැඩි කිරීම ජනතාවට දරාගත නොහැකි තත්ත්වයක් බැවින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ විශේෂ අවධානයක් යොමු කළ යුතු නොවේද ? අසාමාන්‍ය ලෙස මිල ගණන් ඉහළ දැමීම ජනතාවට කිසිසේත්ම දරාගත නොහැකිය. මේ සිදුවීම් IMF උපදෙස් ද ?
තැපැල් දෙපාර්තමේන්තුවත් කූරියර් සේවාවක් බවට පත්වෙලා. ගාස්තු කූරියර් සේවාවන් හා සමානයි, නමුත් සේවය ඉබි ගමනින්