(තිළිණි ද සිල්වා)
ඉස්ලාම් ආගමට අපහස වන ආකාරයේ ප්‍රකාශ සමාජ ජාල වෙබ් අඩවි හරහා පළකළ බවට ඩුබායි හිදී අත්අඩංගුවට ගත් එරට සේවය කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව ලබන 22 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ඩුබායි අධිකරණය අද (11) නියම කළ බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
ලාංකිකයින් තිදෙනාට එරෙහිව එම නඩුව ඩුබායි අධිකරණය හමුවේ අද (11) සලකා බැලූ අතර එහිදී තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මෙදිනට කල් තබා ඇති බවද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
නඩුව අද දිනයේ කැඳවූ අවස්ථාවේ ඉස්ලාම් ආගමට අපහස කළ බවට එල්ල වන චෝදනා සැකකාර ශ්‍රී ලාංකිකයින් තිදෙනා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඔවුන් එරට අධිකරණයට හමුවේ වැඩිදුරටත් කියා සිටියේ තම රට තුළ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පමණක් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ බවයි.
කරුණු සලකා බැලූ ඩුබායි අධිකරණය අදාළ නඩුවේ තීන්දුව ලබන 22 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට දින නියම කළේය.
ඩුබායිහි සුපිරි හෝටල් සංකීර්ණයක ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි මොවුන් තිදෙනා ඉකුත් අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ප්‍රහාර මාලාවෙන් අනතුරුව ඉස්ලාම් ආගමට අපහස වන ආකාරයේ ප්‍රකාශ සිය ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ කර ඇති බවට එම හෝටලයේ සේවකයින් විසින් පසුගිය මැයි මාසයේදී එරට පොලිසියට පැමිණිලි කර තිබුණි.
ඒ අනුව අදාළ ශ්‍රී ලාංකිකයින් තිදෙනා අත්අඩංගුවට ගත් අතර ඔවුන් නවාතැන් ගෙන සිටි ස්ථානවල තිබී ඔවුන්ගේ ජංගම දුරකතන සහ ලැප්ටොප් යන්ත්‍ර ද විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන තිබූ බව සඳහන්ය.
පසුව මොවුන්ට එරෙහිව පොලිසිය ඩුබායි අධිකරණය හමුවේ මෙලෙස නඩු පවරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යක්ෂයාගේ දේශයේ සිට යක්ෂයාට අපහාසයක් කිරීම අනුවණකමකි. තමන්ගේ රටවල් යක්ෂයාගේ ආක්‍රමණයෙන් බේරා නොගත්තොත් වෙන්නෙත් මේ ටිකම තමයි අනාගතේ...
අදාල කාලය තුළ ඕමාන්, කටාර්, සෞදි අරාබිය වගේ වැඩ කරන අපේ අය බොහොමයක් කලේ සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලංකාවේ සිටින අය උසිගන්වන ආකාරයට පෝස්ට් පලකිරීම. එවැනි අයට හොඳ පාඩමක්...
අරාබි රටවල අපිට තියන සැප ලංකාවේ නැහැ නේද? අඩුම ගානේ කෙළෙහිගුණය තියාපල්ලා... මුස්ලිම් රටවල ජීවත් වෙන අපේ සිංහල අය හුගාක් දඟලන්නේ
ඕනෑම ආගමකට පහර ගැසීම සහ අපහාස කිරීම වරදක්.. අපේ රටේත් මේ නීතිය ක්‍රියාත්මකයි.. මෑතකදී වන කතාවක බුදුදහමට අපහාස වෙන ආකාරයේ සඳහන් තිබීම නිසා කතුවරයා අත්අඩංගුවට ගත්තා...
අරාබියේ සැප තියෙනවා නම්, ආගමත් එක නම් ලංකාවේ මුස්ලිම් කට්ටිය අරාබියට ගිහින් පදිංචි වුණා නම් අපේ රටේ අනෙක් ජනතාවට කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්... මෙය ලංකාවට ආදරය කරන මුස්ලිම් ජනතාවට අදාල නොවේ...
ඉල්ලන් කනවා කියන්නේ ඕක තමයි. ඒ ගොල්ලන්ට කැමති නැත්නම් මොකටද එහෙ යන්නේ? මෙහෙටම වෙලා ඉන්න තිබ්බනේ...
ඉස්ලාම් ධර්මයට විරුද්ධව අදහස් දාපු අයට මරණ දඬුවම් දෙන්න ඕනේ...
ඕකත් හරියට නැවේ සුක්කානම ඇඳුමේ තිබුණයි කියලා හිරේ දැම්මා වගේ තමයි. තමන් ඉන්න තැන මොකද්ද කියලා අඳුරගෙන ඒ තැනට හරියන විදිහට ඉන්න දැනගන්න ඕනේ...
ආගම් කියන්නේ මිනිස්සු බෙදන, කොටවන මිථ්‍යාවක් දුරින් දුරුකළ යුතු හණමිටි කියන්නේ බොරුවක් නොවන බව ආයෙත් ඔප්පු වුණා. එක එක කාලවල ලෝකයේ බිහිවෙන බුද්ධිමත් මිනිස්සුන් ලෝකයේ ස්වභාවය, උත්පත්තිය ජීවිතයේ පැවැත්ම වගේ දේවල් වලට තමන්ගේ දැනුම මත අදහස් ප්‍රකාශ කළාම එම දාර්ශනික මතවලට විවිධාකාර අලංකාර වචන සහ වඩා පැරණි සුරඟන කතාවල විශ්මය ජනක ප්රාතිහාර්යය එකතු කරලා සාමාන්‍ය මනුෂ්‍යයින්ට වඩා වෙනස් අමුතු, දෙවියන්ගේ දරුවන්, දෙවියන්ගේ පුත්‍රයා, දෙවියන්ගේ නියෝජිතයා දේවාතිදේව එහෙමත් බැරි නම් එකම මහා දෙවියා වගේ අමුතු අපරනාම දීලා ආගම් හදාගෙන තම තමන්ගේ ඒවා අනිත් අයගේ ආගම්වලට වඩා ශ්‍රේෂ්ඨ කියාගෙන මරාගන්න අමුතු සත්තු ටිකක් තමයි මිනිස්සු කියන්නේ, එයිනුත් අන්තයේම ඉන්නේ අරාබියොන් සහ මේ අමුතු ඇටේ ඉන්න බෞද්ධයන් ටික...