IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඉසුරුපායේ ලක්ෂ 51 ක තඹ පටි සොරාගෙන

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය  අධ්‍යාපන අමාත්‍යංශයේ පිහිටි ගොඩනැගිලි පරිශ්‍රයේ මුදුනත සවිකර තිබු රුපියල් ලක්ෂ 51 ක් වටිනා   වටිනා තඹ පටි තොගයක් සොරා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට එහි සේවකයන්  අට දෙනකුගෙන් පමණ  ප්‍රකාශ සටහන් කර ගත් බව  තලංගම පොලිසිය කියයි.

ඒ අතර සුළු සේවකයන් බහුතරයක් ඇතුළු විවිධ නිලතල දරන්නන් සිටින බව පොලිසිය කියයි.

ගොඩනැගිලි පරිශ්‍රය පුරා සවිකර තිබූ අඩි 1731 ක අකුණු සන්නායක තඹ පටි  සොරාගෙන ගොස්  ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ සංවර්ධන නිලධාරිනියක් ඉකුත්  (21) තලංගම පොලිසියට  පැමිණිලි කර තිබිණි.

එම තම පටි සවිකර තිබෙන ගොඩනැගිලි මුදුනට බාහිර පුද්ගලයන්ට කිසි විටෙකත්  ළඟා වීමට නොහැකි බවත් එම ස්ථානයට ළඟාවිය හැක්කේ  එහි සේවය කරන පුද්ගලයන්ට පමණක් බවත් පොලිසිය මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 ගොඩනැගිලි පරිශ්‍රය පුරා ආරක්ෂක මුරකපොළු රැසක් පිහිටා තිබීයදි ඒ සියලුම දෙනාගේ ඇස් වසා කපන ලද මෙම තඹ පටි පරිශ්‍රයෙන් පිටතට රැගෙන ගොස් ඇති බව මේ දක්වා සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

 

 



අදහස් (5)

ඉසුරුපායේ ලක්ෂ 51 ක තඹ පටි සොරාගෙන

පිටරටවැසියා Monday, 02 December 2024 12:32 PM

දේශපාලුවන් සහ ඇතැම් රාජ්‍ය සේවකයින් රට විනාශ කරා කියන්නේ නිකං නෙවෙයි...!

:       2       12

Nimal Monday, 02 December 2024 01:19 PM

ඒක වෙන්න ඇති තම්බපණ්ණි කියන්න ඇත්තේ...!

:       1       7

බකල ජයා Monday, 02 December 2024 03:37 PM

මේ තඹ පටි තමන්ම කපාගෙන පැනලා ගිහිල්ලා වෙන්න බැරිද? බෑ.

:       0       15

Kumar Monday, 02 December 2024 10:30 PM

එම ගොඩනැඟිලිවල ක්‍රියාකාරී ආරක්ෂක කැමරා නොතිබීම ගැන මට පුදුමයි. කැලිෆෝනියාවේ මගේ නිවසේ ඉදිරිපස දොරේ සිටින ඕනෑම කෙනෙකුට මා දැනුවත් කරන සරල දොර සීනු කැමරාවක් අප සතුව ඇත. සමහර වෙලාවට ලංකාවට එනකොට කවුරුහරි දොර ළඟ ඉන්නකොට මට ඇලර්ට් එනවා. ඉසුරුපායට ඉතා සූක්ෂම ආරක්‍ෂිත කැමරා ජාලයක් ඇතැයි මම බලාපොරොත්තු වෙමි. අප්‍රේල් මාසයේ මීළඟ "බක්මහ අකුණ" සඳහා සූදානම් වන්න.

:       0       1

රුවන් Tuesday, 03 December 2024 04:32 PM

කුඩ්ඩන්ගේ පිටින් යයි, හැබැයි ඕවා හොරකම් කරලා ඇත්තේ ඔය රාජ්‍ය සේවකයන්ම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site