
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ පිහිටි ගොඩනැගිලි පරිශ්‍රයේ මුදුනත සවිකර තිබු රුපියල් ලක්ෂ 51 ක් වටිනා වටිනා තඹ පටි තොගයක් සොරා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට එහි සේවකයන් අට දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගත් බව තලංගම පොලිසිය කියයි.
ඒ අතර සුළු සේවකයන් බහුතරයක් ඇතුළු විවිධ නිලතල දරන්නන් සිටින බව පොලිසිය කියයි.
ගොඩනැගිලි පරිශ්‍රය පුරා සවිකර තිබූ අඩි 1731 ක අකුණු සන්නායක තඹ පටි සොරාගෙන ගොස් ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ සංවර්ධන නිලධාරිනියක් ඉකුත් (21) තලංගම පොලිසියට පැමිණිලි කර තිබිණි.
එම තම පටි සවිකර තිබෙන ගොඩනැගිලි මුදුනට බාහිර පුද්ගලයන්ට කිසි විටෙකත් ළඟා වීමට නොහැකි බවත් එම ස්ථානයට ළඟාවිය හැක්කේ එහි සේවය කරන පුද්ගලයන්ට පමණක් බවත් පොලිසිය මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ගොඩනැගිලි පරිශ්‍රය පුරා ආරක්ෂක මුරකපොළු රැසක් පිහිටා තිබීයදි ඒ සියලුම දෙනාගේ ඇස් වසා කපන ලද මෙම තඹ පටි පරිශ්‍රයෙන් පිටතට රැගෙන ගොස් ඇති බව මේ දක්වා සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවන් සහ ඇතැම් රාජ්‍ය සේවකයින් රට විනාශ කරා කියන්නේ නිකං නෙවෙයි...!
ඒක වෙන්න ඇති තම්බපණ්ණි කියන්න ඇත්තේ...!
මේ තඹ පටි තමන්ම කපාගෙන පැනලා ගිහිල්ලා වෙන්න බැරිද? බෑ.
එම ගොඩනැඟිලිවල ක්‍රියාකාරී ආරක්ෂක කැමරා නොතිබීම ගැන මට පුදුමයි. කැලිෆෝනියාවේ මගේ නිවසේ ඉදිරිපස දොරේ සිටින ඕනෑම කෙනෙකුට මා දැනුවත් කරන සරල දොර සීනු කැමරාවක් අප සතුව ඇත. සමහර වෙලාවට ලංකාවට එනකොට කවුරුහරි දොර ළඟ ඉන්නකොට මට ඇලර්ට් එනවා. ඉසුරුපායට ඉතා සූක්ෂම ආරක්‍ෂිත කැමරා ජාලයක් ඇතැයි මම බලාපොරොත්තු වෙමි. අප්‍රේල් මාසයේ මීළඟ "බක්මහ අකුණ" සඳහා සූදානම් වන්න.
කුඩ්ඩන්ගේ පිටින් යයි, හැබැයි ඕවා හොරකම් කරලා ඇත්තේ ඔය රාජ්‍ය සේවකයන්ම තමයි.