IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


ඉසුරු සොයා යන කතුනට නවරක්‍ෂණයක්

(යොහාන් භාසුර)

මැදපෙරදිග කලාපයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව රක්ෂණාවරණයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබේ.

ඒ අනුව අදාළ විගමණික ශ්‍රමික කාන්තාව බඳවාගනු ලබන සේවා යෝජකයා මෙම රක්ෂණාවරණය අනිවාර්යෙන්ම ලබාගෙන තිබිය යුතු අතර, විදේශ රැකියාව සඳහා එම කාන්තාව කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා මෙම රක්ෂණ සහතිකය ඉදිරිපත් කළ යුතුවේ.

බහරේන්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, ඕමාන්, කටාර්, සෞදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන් වෙනුවෙන් අනුමත කර ඇති රක්ෂණ යෝජනා අතුරින් ඔවුන්ට සුදුසු රක්ෂණාවරණයක් තෝරාගැනීමට හැකියාව ලැබේ.

එම රටවල වසර 2ක සේවා කාලයක් සඳහා රැකියාවට යන කාන්තාවන් වෙනුවෙන් ලැබෙන මෙම නව රක්ෂණාවරණය සඳහා ඇමරිකානු ඩොලර් 110 සිට ඩොලර් 140ක් දක්වා මුදලක් සේවා යෝජකයා ගෙවිය යුතු වන අතර, රැකියා ගිවිසුම් කාලය දිර්ඝවීමත් සමග ගෙවිය යුතු රක්ෂණ වාරික මුදලද වැඩිවනු ඇත.

රැකියා ගිවිසුම් කාලසීමාව අතරතුරදී අදාළ ශ්‍රමිකයා මිය ගියහොත් හෝ හදිසි අනතුරු හේතුවෙන් සදාකාලික පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වුවහොත් ඇමරිකන් ඩොලර් 15000 ක මුදලක් රක්ෂණ වන්දි වශයෙන් හිමිවන අතර, හදිසි අනතුරු හේතුවෙන් අර්ධ ආබාධිත තත්ත්වයට පත්වුවහොත් ඇමරිකන් ඩොලර් 10000 ක මුදලක් රක්ෂණ වන්දි වශයෙන් හිමිවේ. මෙයට අමතරව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම, ශල්‍යකර්ම, කොවිඩ් වැනි වසංගත රෝග සඳහා ද රක්ෂණ වන්දි හිමිවන අතර, යම් කාන්තාවක් සුරක්ෂා නිවාසයේ රඳවා තබාගන්නේ නම් එම කාල සීමාව තුළදී ඇයට දැරීමට සිදුවන අත්‍යාවශ්‍ය වියදම් වෙනුවෙන් එක් දිනකට ඩොලර් 10 බැගින් වන්දි පිරිනැමේ.

 



අදහස් (3)

ඉසුරු සොයා යන කතුනට නවරක්‍ෂණයක්

චාමිකර Monday, 16 January 2023 06:25 AM

රටේ කාන්තාවන්, අම්මලා, නංගිලා, අක්කලා මෙවැනි රටවල ගෙවල්වල වැඩට යැවීම ගෙන අප සියලු දෙන ලජ්ජා විය යුතුයි.

:       0       2

Asela Monday, 16 January 2023 06:32 AM

එතකොට අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අවුරුදු 2ක් පාසා ගෙවන රක්ෂණ මුදලට මොකද වෙන්නේ. ඒක ගෙවන්නේ මොන කරදරයකදීද.

:       0       2

fairoos Monday, 16 January 2023 12:14 PM

එතකොට දැන් තියෙන රක්ෂණයෙන් වැඩක් නැද්ද.?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 296 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 646 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site