(යොහාන් භාසුර)
මැදපෙරදිග කලාපයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව රක්ෂණාවරණයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබේ.
ඒ අනුව අදාළ විගමණික ශ්‍රමික කාන්තාව බඳවාගනු ලබන සේවා යෝජකයා මෙම රක්ෂණාවරණය අනිවාර්යෙන්ම ලබාගෙන තිබිය යුතු අතර, විදේශ රැකියාව සඳහා එම කාන්තාව කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා මෙම රක්ෂණ සහතිකය ඉදිරිපත් කළ යුතුවේ.
බහරේන්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, ඕමාන්, කටාර්, සෞදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන් වෙනුවෙන් අනුමත කර ඇති රක්ෂණ යෝජනා අතුරින් ඔවුන්ට සුදුසු රක්ෂණාවරණයක් තෝරාගැනීමට හැකියාව ලැබේ.
එම රටවල වසර 2ක සේවා කාලයක් සඳහා රැකියාවට යන කාන්තාවන් වෙනුවෙන් ලැබෙන මෙම නව රක්ෂණාවරණය සඳහා ඇමරිකානු ඩොලර් 110 සිට ඩොලර් 140ක් දක්වා මුදලක් සේවා යෝජකයා ගෙවිය යුතු වන අතර, රැකියා ගිවිසුම් කාලය දිර්ඝවීමත් සමග ගෙවිය යුතු රක්ෂණ වාරික මුදලද වැඩිවනු ඇත.
රැකියා ගිවිසුම් කාලසීමාව අතරතුරදී අදාළ ශ්‍රමිකයා මිය ගියහොත් හෝ හදිසි අනතුරු හේතුවෙන් සදාකාලික පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වුවහොත් ඇමරිකන් ඩොලර් 15000 ක මුදලක් රක්ෂණ වන්දි වශයෙන් හිමිවන අතර, හදිසි අනතුරු හේතුවෙන් අර්ධ ආබාධිත තත්ත්වයට පත්වුවහොත් ඇමරිකන් ඩොලර් 10000 ක මුදලක් රක්ෂණ වන්දි වශයෙන් හිමිවේ. මෙයට අමතරව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම, ශල්‍යකර්ම, කොවිඩ් වැනි වසංගත රෝග සඳහා ද රක්ෂණ වන්දි හිමිවන අතර, යම් කාන්තාවක් සුරක්ෂා නිවාසයේ රඳවා තබාගන්නේ නම් එම කාල සීමාව තුළදී ඇයට දැරීමට සිදුවන අත්‍යාවශ්‍ය වියදම් වෙනුවෙන් එක් දිනකට ඩොලර් 10 බැගින් වන්දි පිරිනැමේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ කාන්තාවන්, අම්මලා, නංගිලා, අක්කලා මෙවැනි රටවල ගෙවල්වල වැඩට යැවීම ගෙන අප සියලු දෙන ලජ්ජා විය යුතුයි.
එතකොට අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අවුරුදු 2ක් පාසා ගෙවන රක්ෂණ මුදලට මොකද වෙන්නේ. ඒක ගෙවන්නේ මොන කරදරයකදීද.
එතකොට දැන් තියෙන රක්ෂණයෙන් වැඩක් නැද්ද.?