
(ළහිරු හර්ෂණ )
මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 3569 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 2794 දෙනෙකු, ධීවර රැකියා සඳහා 724 දෙනෙකු, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා 49 දෙනෙකු හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා දෙදෙනෙකු මෙසේ කොරියාව බලා පිටත්ව ගොස් ඇත.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හා දකුණු කොරියානු රජයේ නියෝජිතයින් අතර පසුගිය සමයේ පැවති සාකච්ඡාවලදී මාස 6ක් තුළ ශ්‍රි ලාංකිකයින් 5800 දෙනෙකු කොරියානු රැකියා සඳහා පිටත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී. එහි ප්‍රථිඵලයක් ලෙස කඩිනමින් රැකියා ගිවිසුම් අත්සන් කර ශ්‍රි ලාංකිකයින් දකුණු කොරියාවට පිටත්කිරිමට කටයුතු කරමින් පවතී.
ශ්‍රි ලංකාව හා දකුණු කොරියාව අතර අත්සන් කෙරුණු රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම අනුව කොරියානු රැකියා සඳහා පුද්ගලයින් ගෙන්වා ගැනීම දකුණු කොරියාව විසින් සිදුකරන අතර, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අදාල ගිවිසුම් ලැබීමෙන් අනතුරුව රැකියා ලාභීන් යොමුකිරීමේ කටයුතු කඩිනමින් සිදුකරමින් සිටියි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගිය අයටම තේරෙනවා ඇති ලංකාවෙදි අපි කෙතරම් උදාසීනව හිටිය අයද කියලා මොබයිල් එකේ කොයි වෙලාවෙත් කොට කොට....! දකුණු කොරියාවේ හිම වැටෙන කාලයට රැකියාව කරන කොට අපේ රටේ අගය ඒ වෙව්ලන ඇඟවල් වලටම දැනෙයි! හැබැයි අනිවාර්යෙන්ම මස් වර්ග නොකා මාලු විතරක් කන්න පුරුදු වෙන්න! මට මෙතන සඳහන් කරන්න බැහැ ඒ මොනවද කියලා!