IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


‘ඉවසිය යුතු හේතුවක් වජිර කියයි‘

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමටත් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතා වැඩසටහනක් වහා ක්‍රියාත්මක කිරීමටත් අග්‍රාමාත්‍යවරයා සැලසුම්කර තිබෙන බැවින් එම වැඩකටයුතු සාර්ථක වන තෙක් ඉවසීමෙන් කටයුතු කරන ලෙස එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

මේ වෙලාවෙි දේශපාලන පක්ෂ මෙන්ම රටේ ජනතාවද අග්‍රාමාත්‍යවරයා  ගෙනයන වැඩපිළිවෙලට සහයෝගය දැක්විය යුතු අතර කලබල නොවී ඉවසීමෙන් ක්‍රියා කළොත් ඉක්මනින්ම  ප්‍රශ්න විසඳා ගැනීමට හැකිවන බව ද අබෙිවර්ධන මහතා කීය.

ජුනි මාසය අවසන් වන විට අයි.එම්.එෆ්  කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹීමට හැකිවනු ඇති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇතැයි ද වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

 



අදහස් (7)

‘ඉවසිය යුතු හේතුවක් වජිර කියයි‘

අරවින්ද මොනරවිල Monday, 13 June 2022 01:16 PM

මහ බැංකුව කැඩූ එකා රටේ ප්‍රශ්න විසඳන තුරු ඉවසීමෙන් බලා ඉන්නලු...

:       8       11

nimalMonday, 13 June 2022 02:51 PM

‘ඉවසිය යුතු හේතුවක් වජිර කියයි‘ ඔබගේ පණිවිඩය ගෑස් පෝලිම්වල සිටින ජනතාව වෙත ගොස් පැහැදිලි කරන්න..!

:       3       6

sena Monday, 13 June 2022 01:29 PM

ඔයාලට නම් මුළු ජීවිත කාලයක් වුණත් ඉවසන්න පුළුවන්.. මොකද කිසිම අඩුවක් නැහැනේ ඉතින්. බඩගින්නේ ඉන්න අපි කොහොමද ඉවසන්නේ?

:       5       13

ලලිත් අම්බලන්ගොඩ Monday, 13 June 2022 01:34 PM

දැන් රතු කට්ට පැනලා තියෙන්නේ. හාල් 300 යි. ගෑස්, තෙල්, පෙට්‍රල් ඩීසල් නැහැ. මාලු මිල ගැන කථා නොකළට එදා රුපියල් 150කට විතර කාපු සාලයා දැන් රුපියල් 1000යි. මොනවද තව ඉවසන්න කියන්නේ...? ඔක්කොම කලේ රට විනාශ කරපු එක තමයි. රනිල් මේ විපාකයේ ප්‍රධාන පාර්ශව කරුවෙක්... රනිල්ගේ හොඳම අනුගාමිකයෙක් තමයි ඔයා. ඔයා කවුද කියල අපි දන්නවා. රනිල් නැත්නම් ඔයාට තැනක් නැහැ. ඉවසන්න කියන්නේ රනිල් ආරක්ෂා කරන්න කියන එකනේ. මේ ආර්ථික අර්බුදය නිර්මාණය වුනේ දේශපාලන අර්බුදය නිසා. ඒ නිසා මේක එනිනෙකට වෙන් කරන්න බැහැ. දේශපාලන අර්බුදය ඉවර වුණොත් ආර්ථික අර්බුදය අවසන් වෙන්න ආරම්භ කරාවි. ඒ නිසා වජිර මහත්තයෝ තව දුරටත් ජනතාව ගොනාට අන්දන්න ලැහැස්ති වෙන්න එපා. ඉවසුවා ඇති. හොඳටම ඇති.

:       2       17

දාස Monday, 13 June 2022 02:06 PM

මේ කොල්ලාට සේනාධිපතියා හොඳට සලකනවා ඇති...

:       2       12

fairoos Monday, 13 June 2022 02:21 PM

මේ ආර්ථික අර්බුදය නිර්මාණය වුනේ දේශපාලන අර්බුදය නිසා. රාජපක්ෂලා ඉන්නකන් රට බංකොළොත්. දේශපාලන අර්බුදය ඉවර වෙනකන් නන්දසේන ඉල්ලා අස්වෙන්න ඕනෑ. ඒක වෙන්නේ නැහැ. තවත් අවුරුදු 2ක් ඉඳලා රට නන්නත්තාර කරලා තමයි යන්න යන්නේ. ඔබතුමන්ලා දැන් ඉවසන්න කියනවා.

:       1       9

ranjith Monday, 13 June 2022 02:55 PM

ජනතාව ප්‍රතික්ෂේප කරලා ගෙදර යවපු මෙයාලත් දැන් පොරවල් වෙලා ඉන්න කාලෙ කරපු සෙල්ලම් දැක්කනේ. මහ බැංකුව හොරකම් කර රට කෑවා...

:       5       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 304 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 256 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site